මන්ත්‍රී චන්ද්‍රසේන කියන පොහොට්ටුවේ සම්භාවනීය අපේක්ෂකයා කවුද?

Date:

කොළඹ LNW:දැන්මම ජනාධිපති අපේක්ෂකයා නම් කර බලුපොරයට යැවීමට සූදානම් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසි වෙලාවේදී වැදගත් සම්භාවනීය ආකාරයට අපේක්ෂකයා ඉදිරිපත් කර මැතිවරණය ජයග්‍රහණය කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

‘සජිත් ප්‍රේමදස හා අනුර කුමාර දිසානායක කාලයක ඉදන් දැන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. සජිත් ප්‍රේමදස මහත්තයා ඉස්කෝලවලට ගිහින් සක්වල වැඩසටහනක් කරනවා ළමයින්ට පන්ති තියනවා වගේ. අනුර කුමාර දිසානායක මහත්තයා අත්දෙක වන වන විශ්‍රාමික අයගේ සංවිධාන හදනවා.මං දැක්කා පහුගියදා පොලීසියේ විශ්‍රාමිකයෝ ගෙනල්ලා තිබ්බා. විශ්‍රාමිකයෝ අසූපන්දහසක් විතර ඉන්න එකෙන් ගෙනල්ලා තියෙන්නේ එක්දහස් ගාණක්. 3%යි කොහොම හරි ගෙනල්ලා තියෙන්නේ. ඒවා ඇත්තටම සංදර්ශන. දැන් බලන්න ඒ දෙන්නගේ විවාදය. මේක දැන් විනෝද සමය වගේ. මිනිස්සු දැන් විහිළු බල බල ඉන්නවා. හැබැයි සංවාද කෙරෙන්නේ නැහැ. ඒගොල්ලෝ බොරු ෂෝ දාලා දැඟලුවට අපි අපේක්ෂකයෝ දාලා බොරුවට දගලන්නේ නැහැ. අපි සංවිධානය වෙලා වෙලා අන්තිමට මැතිවරණ කොමිසම ජන්දය තීරණය කරයිනේ. එවිට අපි අපේක්ෂකයා කවුද කියල නම් කරනවා. කලින් නම් කරලා බොරුවට බලුපොරයට යවන්න ඕනේ නැහැ. අපේක්ෂකයා වැදගත් විදිහට සම්භාවනීය විදිහට වෙලාවට ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. කල් යද්දී වැඩ කොහු වෙනවා කියනවනේ. ඒ නිසා අපි වෙලාවට ප්‍රේෂ් පිට අපේක්ෂකයෙක් දාලා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...