*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් සම්මත කරනවා – විජයදාස රාජපක්ෂ

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි. ඉකුත් මාස 18ක පමණ වැනි කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට හැකියාව ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

අප රටේ අධිකරණ පද්ධතියට අදාළව යුක්තිය පසිඳලීම සම්බන්ධව විශාලතම නීති ප්‍රතිසංස්කරණ සිදු කල කාලවකවානුවක් ලෙස මෙම කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ගතවූ මාස 18කපමණ කාලය තුළ නව පනත් 75ක් පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර තිබෙනවා. රටට අවශ්‍ය මූලික වෙනස සිදුකිරීමට එමඟින් හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.


ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද ඇතුළුව ඔඩුදුවා ඇති අල්ලස, වංචාව, දූෂණය සහ කොමිස් ගැනීම වැළැක්වීම වෙනුවෙන් දූෂණ විරෝධී පනත රජය විසින් සම්මත කර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි එය සකස් කර තිබෙනවා. ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවට බොහෝ බලතල සහ ස්වාධීනත්වයක් ලබා දී තිබෙනවා. ක්‍රීඩා සහ ලිංගික අල්ලස් සම්බන්ධව ද නව නීති හඳුන්වා දී තිබෙන බව ද සඳහන් කළ යුතුයි.


එමෙන්ම නාමිකව පැවති වත්කම් සහ බැරකම් නීතිය වර්තමානය වන විට ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. එමඟින් රටේ සියලුම පුරවැසියන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිෂන් සභාවට බාර දිය යුතුයි. ඔවුන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ නිරන්තරයෙන් අධීක්ෂණය කෙරෙනවා. එමෙන්ම නඩු භාණ්ඩ ඉවත් කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද නව නීතී සකස් කර තිබෙනවා. තවද අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකාරියක් සකස් කර තිබෙනවා.


ඒ වගේම ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. විවාහ සම්බන්ධයෙන් ද නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් පොදුවේ එකඟවිය හැකි වෙනස්කම් පමණක් ඉදිරිපත් කොට එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.


එමෙන්ම මේ වන විට කාති උසාවිය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් ඇති වී තිබෙනවා. ඒ අනුව එහි වෙනස්කම් දෙකක් සිදු කිරීමට ද යෝජනා කර තිබෙනවා. විදෙස් රටවලදී පැවරෙන නඩු තීන්දු සම්බන්ධයෙන් කටයුතු කෙරෙන විදේශීය නඩු තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා වන කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
තවද ඉදිරි සති කිහිපය තුළ ඉතාමත් වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයට ද සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම පසුගියදා අප විසින් සම්මත කරගත් ජල ශාස්ත්‍රීය පනත ලබන වසරේදී ක්‍රියාත්මක කළ හැකිව පවතිනවා. එමඟින් මෙරට මුහුදු සීමාවෙන් ගමන් කරන නැව්වලින් වසරකට ඩොලර් මිලියන 50කට වැඩි ආදායමක් ඉපයීමට හැකියාව තිබෙනවා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan