ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

Date:

සටහන – පුලී
ජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රහස්පතින්දා(අද) දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් නම් මෙම ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 242 දෙනෙකු ගමන් කළහ.

අනතුර වෙත්ම ප්‍රදේශය පුරා ඝන කළු දුමාරයක් දක්නට ලැබුණි.

ගුවන් යානය එයාර් ඉන්දියා 171 ලෙස හඳුනාගෙන ඇති අතර, එය අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා ප.ව. 1:10 ට ගමන් ගත් බව පැවසේ.

අනතුරෙන් පසු ගිනි නිවන රථ හතක් ඇතුළුව හදිසි සේවා එම ස්ථානයට පැමිණ ඇති බව ද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...