ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

Date:

සටහන – පුලී
ජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රහස්පතින්දා(අද) දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් නම් මෙම ගුවන් යානයේ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 242 දෙනෙකු ගමන් කළහ.

අනතුර වෙත්ම ප්‍රදේශය පුරා ඝන කළු දුමාරයක් දක්නට ලැබුණි.

ගුවන් යානය එයාර් ඉන්දියා 171 ලෙස හඳුනාගෙන ඇති අතර, එය අහමදාබාද්හි සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා ප.ව. 1:10 ට ගමන් ගත් බව පැවසේ.

අනතුරෙන් පසු ගිනි නිවන රථ හතක් ඇතුළුව හදිසි සේවා එම ස්ථානයට පැමිණ ඇති බව ද සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...