W15 හෝටලයට වෙඩිතැබීම : ඇන්ස්ලම් ද සිල්වා නෙවිල් ද සිල්වාට එරෙහිව සාක්ෂි දෙයි !

Date:

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා විසින් බව එහි හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු කමිටුව හමුවේ ඊයේ (11) සාක්ෂි දෙමිනි.

ඇන්ස්ලම් ද සිල්වා – “2023 දෙසැම්බර් 30 වැනිදා, එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත්, එම ස්ථානයට ගොස් තාප්පයට සහ නම සඳහන් බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් කිව්වා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මම. වෙඩි තැබුවාට පස්සේ අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යනකොටම තවත් වෙඩි සද්දයක් ඇහුණා. එතකොට අපි දැක්කා අපිත් එක්ක ගිය උපුල් කියන නිලධාරියා වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මම එතකොටම මා සමග සිටි අයට ‘ඉක්මණට පලයන්’ කියලා කිව්වා. එතන STF එකේ 20ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුණ නිසයි අපිත් අද ජීවතුන් අතර ඉන්නේ. නැත්නම් උපුල් එක්ක අපිත් මැරිලා. ස්වාමීනි නෙවිල් ද සිල්වා අපිට කළේ බොරුවක්. අපි වෙඩි තියන්න යන එක වැලිගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථානවලට දැනුවත් කරලා තිබුණා කියලයි ඔහු අපිට කිව්වේ”

දිලීප පීරිස් – දේශබන්දු ඔයාලාගෙන් මේ ගැන විමසුවාද ?

ඇන්ස්ලම් ද සිල්වා – “නැහැ”

දිලීප පීරිස් – මරණ පරීක්ෂණය සිදුකරන වෙලාවේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා. එතකොට මේ කතාව කවුද නිර්මාණය කළේ?

ඇන්ස්ලම් ද සිල්වා – “සිද්ධියෙන් පස්සේ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියේ කතාවක් කිව්වොත් අපිට අවුලක් නැතිවෙයි කියලා කිව්වා. ඒ අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියලා සාමූහික ස්ථාවරයකට ආවේ. ඒ නිසා අපි කතාව ඒ විදිහට කිව්වා. මරණ පරීක්ෂණයේදිත්, මහේස්ත්‍රාත් අධිකරණයේදීත්, පළමු වරට ප්‍රකාශ ලබාදීමේදී අපි කිව්වේ නිර්මාණය කළ කතාවක්. අපිට තේරුණා මේ ප්‍රශ්නය දිගටම යනවා කියලා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් මම ඇත්ත කතාව කිව්වා”

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා – වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්නැයි නියෝග ලබාදුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපළකට වෙඩි තියන්න බැහැ කියලා පොලිස් නිලධාරියෙක් විදියට ඔබ දැනසිටියේ නැද්ද ?

ඇන්ස්ලම් ද සිල්වා – “අපි දැනුවත්ව තමයි ඒ දේ කළේ. නෙවිල් ද සිල්වා මහතාගේ නියෝගයක් නිසා අපි වරදක් කරන්නේ කියලා දැන දැනම මේ දේ කළා”

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා – නීති විරෝධී නියෝගයක් විට ඇයි ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන්වල නොලිව්වේ?

ඇන්ස්ලම් ද සිල්වා – “ඉහළින් ලැබෙන සියලු වැරදි නියෝග ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි පොලීසිය ඇතුළේ ඉන්නනම් අපිට ඉහළින් ඉන්න නිලධාරින් කියන දේවල් කරන්න වෙනවා. නැත්නම් අපිට පොලීසියේ රැඳීඉන්න බැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...