අධ්‍යාපනය අමාත්‍යවරිය හා විදුහල්පති වෘත්තීය සංගම් අතර විශේෂ හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW :

අධ්‍යාපන අමාත්‍යාංශයේදී , විදුහල්පති වෘත්තීය සංගම් තුනක් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්විණි.

මෙහිදී විදුහල්පති සේවාවේ පවතින වැටුප් විෂමතා, උසස් වීම් හා විදුහල්පති සේවය ආශ්‍රිතව පවතින ගැටලු අධ්‍යාපන අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම ගැටලු සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් වෙත අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයින් මෙම හමුවට සහභාගී වූ බව වාර්තා වේ.