අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

Date:

සටහන – පුලී
ජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 අහමදාබාද් ගුවන්තොටුපළ අසල සිදුවූ මාරාන්තික ගුවන් අනතුරින් මේ වනවිට මගීන් 20 දෙනෙකු මිය ගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක වාර්තා පෙන්වා දෙයි.

බ්‍රහස්පතින්දා(අද) අහමදාබාද් සිට ගුවන්ගත ව මගීන් 242 දෙනෙකු සමඟ ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක් වූ අතර ගුජරාට් හි හිටපු මහ ඇමති විජේ රූපානි ද එහි සිටි මගීන් 232 දෙනා අතර සිටි අතර, නිලධාරීන්ට අනුව, අනතුරින් ඔහු මියගිය ඇති බව ද පැවසේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) ෆයිස් අහමඩ් කිඩ්වායිට අනුව, බෝයිං B787 ගුවන් යානය පස්වරු 1:38 ට ගුවන් ගත වී මිනිත්තු පහක් ඇතුළත අහමදාබාද් ගුවන් තොටුපළට ආසන්නව මේඝානිනගර් ප්‍රදේශය අසලදී කඩා වැටී තිබේ.

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි පුරවැසියන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව ගුවන් සේවය පවසයි. තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත ප්‍රවාහනය කරමින් පවතී.

https://youtu.be/pRp_i6bxwWA?feature=shared


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...