කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් පවිත්‍රාටද, ඩයනාටද ?

Date:

පසුගියදා අලුතින් ගැසට් කෙරුණු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහා හිටපු ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගේ නමත් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නමත් යෝජනා වී ඇති බව වාර්තා වේ.

ජ්‍යේෂ්ඨත්වය අතින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියෙන්ම සිටියත් පසුගිය සමයේ සෞඛ්‍ය, විදුලිබල සහ ප්‍රවාහන අමාත්‍යාංශ තුනේදීම ඒ මහත්මිය අසාර්ථක වූ බැවින් මෙන්ම පසුගිය කැබිනට් මණ්ඩලවල තනතුරු දැරූ ඇමතිවරුන් සම්බන්ධයෙන් පොදුවේ ජනතාව අතර පවතින දැඩි අප්‍රසාදයත් අනුව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ඩයනා ගමගේ මහත්මියට හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සිදුවුණු කතාබහකදී කියැවී ඇත්තේ “මුට්ටි ගඟට දැමීමේ අමාත්‍යාංශයක්” පිහිටුවන්නේ නම් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට සුදුසු බවත් පසුගිය ආණ්ඩුව විහිළුවක් බවට පත් කළ ඇයට මේ මොහොතේ අතිශයින් තීරණාත්මක සමාජ සවිබලගැන්වීම් වැනි විෂයයක් නම් කිසිසේත්ම භාර නොදිය යුතු බවත් ය.

මීට ප්‍රතිපක්ෂව ඩයනා ගමගේ මහත්මිය රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් උනන්දුවක් සහිතව, විවේචන සහ අවලාද පවා නොතකා තම මතය ඉදිරිපත් කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරියක් වශයෙන් මෙන්ම වැඩක් කිරීමේ උනන්දුවක් සහිත මන්ත්‍රීවරියක් වශයෙන් ආණ්ඩු පක්ෂය තුළ කතාබහට ලක්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඉහත කී අමාත්‍ය ධුරය බොහෝදුරට ඩයනා ගමගේ මහත්මියට හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...