*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

වවුලගෙ මඟුල

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටද මීට දශක ගණනකට පෙර තිබූ විශාල අඩු පාඩුවක් වූයේ විදේශයන්හි දක්ෂතා දැක්වීමය.ඊට දක්ෂතාවය නොවන නුහුරුකම යන සාධකයද තදින් බලපෑවේය.දැන් අසාර්ථක වෙන්නේ ඒ නුහුරුබව නිසා නොවන වෙනත් කාරණා නිසාය.මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට විදේශ අත්දැකීම් ලබා ගන්නට අවශ්‍යය පුළුල් මාර්ග ඉදිවි අවසන්ය.

එහෙත් මේ තත්ත්වය අනිත් ක්‍රීඩාවන්ගෙන් සම්පූර්ණයෙන් දුරස් නැත.ආසන්නම උදාහරණය ඊයේ නිමාව දුටු ජීනිවා හී පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ මට්ටමේ මලල ක්‍රීඩා උළෙලේ ප්‍රතිපලය.ඒ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවෝ ඉදිරිපත් කර තිබූ දත්ත අනුව ජයග්‍රහණය ආසන්නයේ මෙන්ම ඉදිරිපත් වූ අය අතරෙන් ප්‍රථමයන් ලෙස ද සිටියහ.නමුත් තරගාවසානයේ ශ්‍රී ලංකාව ලැබූ එකම ජය වූයේ සාරංගි ද සිල්වාට දුර පැනීමෙන් හිමි වූ රන් පදක්කමය.

මෙම තරග උළෙලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් විදේශිය තරග රටාව ගැන වැඩිම අත්දැකීම තිබුණේ සාරංගිටය.ඇය කටාර් හි පුහුණුවක් ලබා ඇති අතර එහිදි විවිධ සංස්කෘතීන් සමඟ ගැටෙමින් එකට හිදින්නට ඔවුන්ට අවස්ථාව උදා විය.ඒ නිසා විවිධත්වය යන්න පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි හිත ඇත්තේ ඇයටය.ඇය තරගය ජය ගත්තාය.පෞද්ගලික හොඳම දක්ෂතාවය යනු හැමදාම අලුත් වෙන දෙයක් නොවන අතර ඒ දවසේ සියල්ලට සාපේක්ෂව සහ සෙසු තරගකාරියන්ට සාපේක්ෂව තමන්ගේ ස්ථානය තහවුරු කර ගන්නට සාරංගි ට හැකි විය.

එයට සරලම උදාහරණය ඇය ඊට දින කිහිපයකට පෙර පෝලන්තයේදී ජයග්‍රහණයේදී පැන්න දුර වූ මීටර් 6.33 ට වැඩි දුරක් (මීටර් 6.35) පැන්නත් ඒ මොහොතට සාපේක්ෂව ඒ දස්කම ප්‍රමාණවත් වූයේ හයවන තැන ලබන්නටය.පවතින පාරිසරික තත්ත්වය,මානසික තත්ත්වය මෙන්ම ප්‍රතිවාදියාගේ ස්වභාවයද අනුව වෙනස් වන දක්ෂතා සහ ස්ථාන පැහැදිළිය.නමුත් පාරිසරික සහ මානසිකව ආගන්තුක වූ විට තරගයට උචිත තත්ත්වයට පත්වෙන්න දරණ බොහෝ උත්සාහයන් භාහිරෙන් පෙනෙන තරමේ උද්වේගකර සහ උත්තේජන තත්ත්වයේ නොමැත.එය හුදෙක් රංගනයක් පමණ වන අතර යථාර්තය එය නොවන්නේය.

පෙණුමෙන් සහ හැසිරීමෙන් මේ තත්ත්වය ප්‍රදර්ශනය කළ ද,සිරුර සහ මනස ඇතුළෙන් තියෙන තිගැස්ම එයින් නවතාලන්නට ඇති අපහසුතාවය තරගයට බලපාන්නේය.සමහර විට ජීනීවා වෙත කල් ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියානම් ඔවුන්ට ඒ සංස්කෘතියේ පිරිසක් වීමට මීට වඩා ඉඩ තිබිණ.එසේම දිනකට පෙර එහි ළඟා වීම නිසා ඇති වන වෙහෙසදතරගයට බලපාන්නට ඉඩ ඇත.නමුත් වඩාත් බලපැම ඇති කරන්නේ පවතින තත්ත්වයේ අමුත්තෙක් වෙන්නට සිදු වීමය.සුමේධ රණසිංහ වැනි මීටර් 80 ට වඩා දුරක් වීසි කළ හැකි සහ ආරම්භක ලේඛණයේ ඉහළම දක්ෂතාවය සහිතව සිටි අයෙකුගේ ඉරණම වෙනස් වන හැටි කල්පනාවට ගැනීම වටින්නේය.

ඉන්දියාව දෙසට හැරුණ ද මේ තත්ත්වය අරුණ දර්ශනගෙන් පැහැදිළි විය.මීටර් 400 අවසාන තරගයට පැමිණි පිරිස අතර පදක්කමක තත්ත්වයේ සිටි අරුණ අත්දැකීම් විසින් ඇති කරන පීඩනයේ පලයක් ලෙස ඔහුගේ කාලය තත්පර 46 සීමාවෙන් පහළට ගෙන එන්නට තරම් පසුබාන්නේය.එය විය හැකිය.නමුත් නැවතිය හැකිව තිබුණා ද යන්න වගකිව යුත්තෝ කල්පනාවට ගැනීම වටින්නේය.
මීටර් 100 අවසාන තරගයේ ඊට අදාළ පසුබිම තුළ අමාශා ද සිල්වා මේ තරගාවලිය තුළ ඇයට වාර්තා කරන්නට හැකි වූ හොඳම කාලය වාර්තා කිරිම සතුටුදායකය.නමුත් ඉඩක් තිබුණානම් අමාශා සහ රුමේශිකා යන දෙදෙනාම මේ තරගයට ඇතුළත් කරන්නට හැකි වී නම් ඉදිරියෙන් සිටින්නේ කවුරු වුව ප්‍රතිපලය මීට වඩා යහපත් වන්නට තිබිණ.

කෙසේ වුව ගිහිං එන්නට සංචාර යැවීමට වඩා වැඩක් කරන්නට හැකි මට්ටමට ඔවුන්ට තරග පරිසරය තුළ වැඩි කාලයක් තුළ රැඳෙන්නට ඉඩ සළසන ආකාරයට සංචාරය යැවීමේ ඉඩ සැළසීමට ක්‍රීඩා සංගම්වලට මුදල් තිබිය යුතුය.එසේ උපයා ගැනීමක් වෙනුවට ලංකාවේ ක්‍රීඩා සංගම්වලට පැමිණෙන අය බලයට පත්වීම සඳහා වියදම් කර අනතුරුව අමාත්‍යංශයේ මුදලින් යැපීම සාමාන්‍ය තත්ත්වයය.ඒ තත්ත්වය යටතේ ක්‍රීඩකයින්ගේ ජාතික වගකීම භාරගන්නා අමාත්‍යංශය හරහා තීන්දු තීරණ ගන්නේ රජයේ සිවිල් සේවකයන් ලෙස අමාත්‍යංශ ලේකම් සහ සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාය.එයට ආයතන දෙකේ ගණකාධිකාරිත් මූට්ටු වූ විට ගැටළුව මුදල්ය.නමුත් ඉක්මණට විදේශගත වීමේ උවමනාවේ තියෙන්නෙ ක්‍රීඩාවට අදාළ එක්තරා විද්‍යාත්මක සහ තාක්ෂණික ගැටළුය.ඒවාට ආයතන සංග්‍රහයට හෝ රජයේ මුදල් රෙගුලාසිවලට අනුව උත්තර හොයන්න අමාරුය.මේ දුෂ්කර තත්ත්වය නිසාම සමහර විට ක්‍රීඩා පරිපාලන ඒකක සංචාර සඳහා ක්‍රීඩකයන් යවන්නේ ගිය ගමන් ඇඳුම් මාරු කරගෙන තරග කරන්නය.මේවා මලල ක්‍රීඩාවට පමණක් අදාළ කරුණක් නොවේය.ස්වභාවය මෙ’බඳුය.

කෙසේ හෝ ස්විස්ට්සර්ලන්තයේ සිටින අපේ කණ්ඩායම අද බර්න් බලා යන්නේ ජූනි 14 එහි පැවත්වෙන තරගාවලියට සහබාගි වන්නටය.ඒ ඉසිඹුව මෙන්ම මේ සුළු දින කිහිපය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට එහි සමාජ ස්වරූපයට අනුවර්ථනය වීමට ලැබෙන ඉඩ ප්‍රමණය අනුව එහි දි ප්‍රතිපල යහපත් වන්නට හැකිය.එය එසේම කර ගන්නට සුබ පතන අතර කණ්ඩායම් පුහුණුකරු ලෙස එක්ව සිටින විමුක්ති සොයිසාට මෙන්ම,සංචාරවලට ප්‍රියමනාප සාරංගි ගේ පුහුණුකරු අයිකේ. කුලරත්නට ඇති අත්දැකීම් ද යොදාගෙන අපේ ක්‍රීඩක පිරිසට යහපත් ආගන්තුක නොවන පසුබිමක මේ තරග සඳහා ඉදිරිපත් වන්නට වටපිටාව සැකසීම යුතුකමය.

වවුලන්ගේ මඟුල් ගෙදරින් වින්දනයක් ලබන්නටනම් වවුලේක් සේ සිටිය යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan