*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

සාඵල්‍යතා අනුපාතවල ගෝලීය පරිහානිය

පසුගිය වසර 50ක පමණ කාලය සැලකිල්ලට ගැනීමේ දී ලොව පුරා සාඵල්‍යතා අනුපාතය සීඝයෙන් පහත වැටී ඇත. ගෝලීය වශයෙන් දරු උපත් පහළ යාමට සාපේක්ෂව ලෝකයේ නිසි සැළසුමක් නොවීම හේතුවෙන් බරපතල ආර්ථික හා සාමාජීය ප්‍රශ්න මතුවෙතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

සාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත.

මීට සාපේක්ෂව ස්පාඤ්ඤය සහ ජපානය, ඉතාලිය , පෘතුගාලය, තායිලන්තය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 23 ක ජනගහනය අඩකින් අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

රටක ජනගහන වර්ධන වේගය තහවුරු කරනු ලබන ප්‍රධාන සාධක අතර සාරවත් බව හා උපත් අනුපාතය අතර වෙනස ද වැදගත්ය.

සරලව මෙම සංකල්පයන් ද්විත්වය හඳුනා ගන්නේ නම් ,
උපත් අනුපාතය : පුද්ගලයන් 1,000කට වසරක මුළු උපත් සංඛ්‍යාව හා සශ්‍රීකත්ව අනුපාතය: ජනගහනයක ප්‍රජනක වයසේ සිටින කාන්තාවන් 1,000කට වසරකට සිදුවන මුළු උපත් සංඛ්‍යාව. ලෙස සලකා බැලිය හැක.

කාන්තාවන්ට දරුවන් අඩුවීම පැහැදිලි කිරීමට උපකාර වන න්‍යායන් හා අනුභවික පර්යේෂණ ගණනාවක් වේ. එනමුත් Our World in Data හි නිර්මාතෘ ආචාර්ය මැක්ස් රෝසර්ට අනුව, පවතින කරුණු ප්‍රධාන සාධක තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.

01.අධ්‍යාපනයේ සහ ශ්‍රම බලකායේ කාන්තා සවිබල ගැන්වීම.

02.අඩු ළමා මරණ හා දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය වැඩි වීම.

03.කාන්තාවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම.

ඒ අනුව 1952 දී, සාමාන්‍ය ගෝලීය පවුලකට දරුවන් පස්දෙනෙක් සිටි අතර දැන් ඔවුන්ට සිටින්නේ තිදෙනෙකුට වඩා අඩුවෙනි. 1950 ගණන්වල වසර තුනක පාසල් අධ්‍යාපනයක් ලැබූ කාන්තාවක් අවම දරුවන් 07 දෙනෙකු පමණ ඇති දැඩි කළහ. නමුත් 2010 වන විට ඉරාණ කාන්තාවගේ සරු ප්‍රතිශතය 1.8 දක්වා පහත වැටී ඇත.

කාන්තා අධයාපනය තවමත් පසුගාමී රටවල් වල මෙම තත්වය වෙනස්ය.

නයිජීරියානු කාන්තාවන් සාමාන්‍යයෙන් වසරක පමණ අධ්‍යාපනයක් ලබන අතර ළමුන් 07කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පවුල් තුළ දක්නට ලැබේ.

ලෝකයේ අඩු සාඵල්‍යතා අනුපාතයට සාපේක්ෂව ආයු අපේක්ෂාව වැඩි වීම වයස්ගත ජනගහනයක් නිර්මාණය කරයි. වැඩිවන වයස්ගත ජනගහනය සෞඛ්‍ය සේවා පිරිවැය සහ කුඩා ගෝලීය ශ්‍රම බලකාය ඇතිවීම ආදී ආර්ථික අවධානම් රැසක් නිර්මාණය කරනු ලබයි.

මනුෂ්‍යත්වය දියුණු වෙනවද නැතිනම් නැතිව යනවද යන්න කෙරෙහි වැඩ කල හැකි වයසේ ජනගහන විකාශය අතිශය වැදගත් වනු ඇති බව යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඉබ්‍රහිම් අබුබකර් විසින් ප්‍රකාශ කර ඇත.

ලෝක බැංකු වාර්තාවන්ට අනුව 2012 වසර වන විට මුල් වරට වැඩ කරන වයසේ ශ්‍රම බලකාය ඉහළ ගොස් ඇත. එතැන් සිට සිදු වූයේ එය පහත වැටීමයි.

කුඩා ශ්‍රම විභජන කණ්ඩායමකට විශාල යැපෙන්නන් ප්‍රමාණයක් නඩත්තු කිරීම වැඩි පීඩනයක් ගෙන දෙන්නකි. රටක වයස්ගත ජනගහනය ඉහළ යන්නේ නම් ඊට සාපේක්ෂව එම රටෙහි ආර්ථික ප්‍රතිපත්ති සමාජ ආරක්ෂන ක්‍රම සංශෝධනය විය යුතුය.

කෙසේ නමුත් ජනගහනය පහළ යාමට ප්‍රතිචාර දැක්වීම සඳහා වන ප්‍රතිපත්ති කුමක් වූවත් , කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍ය හෝ කාන්තා අයිතීන් ඉහළ දැමීමේ උත්සාහය ඊට කැප නොකළ යුතුය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan