ඉන්දීය යූරියා පොහොර නැව කොළඹට පැමිණෙන දිනය ඇමති කියයි

Date:

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත යූරියා පොහොර තොගය රැගත් නෞකාව ජුලි 10 වනදා හෝ 11 වනදා වනවිට කොළඹ වරායට පැමිණෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක් රැගත් එම නෞකාව ඕමානයේ සිට ජුනි 28 වනදා පිටත්වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.

යල කන්නයේ වී සහ බඩ ඉරිඟු වගාකරන ගොවීන් සඳහා මෙම පොහොර ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට බෙදා දෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,000කට අලෙවි කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...