ඉන්දීය යූරියා පොහොර නැව කොළඹට පැමිණෙන දිනය ඇමති කියයි

Date:

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත යූරියා පොහොර තොගය රැගත් නෞකාව ජුලි 10 වනදා හෝ 11 වනදා වනවිට කොළඹ වරායට පැමිණෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000ක් රැගත් එම නෞකාව ඕමානයේ සිට ජුනි 28 වනදා පිටත්වීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.

යල කන්නයේ වී සහ බඩ ඉරිඟු වගාකරන ගොවීන් සඳහා මෙම පොහොර ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට බෙදා දෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 10,000කට අලෙවි කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...