ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ ලිපිය නීත්‍යානුකූල නැහැ – මරික්කාර් (VIDEO)

මෙගා වොට් 500ක විදුලි ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව පසුව දැනුම් දුන්නද එය නීත්‍යානුකූල නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

කෝප් කමිටු සාමාජිකයෙක් ලෙස තමන් පවසන්නේ ලංවිම සභාපතිවරයා එම ප්‍රකාශය නීත්‍යානුකූලව ලබා දී අවසන් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත එය සිදුකළ බවට මුදල් අමාත්‍යාංශ ලේකම් වෙත දැනුම් දුන් බව ලංවිම සභාපතිවරයා ඒ මොහොතේ පැවසූ බවයි මරික්කාර් මහතා කියාසිටියේ.

සංශෝධිත විදුලි බල පනත සම්මත කර ගෙන දින දෙකක් ගත වීමට පෙර එය දූෂණයට පාර කපන්නක් බව පෙන්වා හමාර බව ද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...