ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක්, අභියාචනාධිකරණයේ පුරප්පාඩු 5ක් මාස ගණනක් තිස්සේ තවම පුරවලා නැහැ !

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු 5ක් ඇතත් රජය මාස ගණනක් තිස්සේ අදාළ පත්කිරීම් සිදුනොකර කල් දමමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වෙනකොට පුරප්පාඩු 4ක් තියෙනවා මාස අටයි, තවම පුරවලා නැහැ. ඒ වගේම අභියාචනාධිකරණයේ අද පුරප්පාඩුවත් එක්ක 5ක් තවම පුරවලා නැහැ අභියාචනාධිකරණයේ. පුරප්පාඩු 9ක්. ජ්‍යෙෂ්ඨතාවය අනුව පක්ෂ දේශපාලනයෙන් තොරව තමයි මෙතෙක් කල් ඉතිහාසය පුරාවට මේ අධිකරණය ක්‍රියාත්මක වුණේ. හැබැයි අද වෙනකොට මේ විනිශ්චයකාරවරුන් මොන විදියෙන් හරි බලාගෙන ඉන්නවා මට ලැබෙයි මට ලැබෙයි කියලා, ඒක වෙලා නැහැ. විශ්‍රාම වයස වැඩිකිරීම, එහෙම දුන්නොත් දොස්තරලාත් ඉල්ලයි 67 වෙනකල් ඉන්න. පරිපාලන සේවයේ අයත් ඉල්ලයි. මුළු රටේ ඉන්න හැමෝම ඉල්ලයි අවුරුදු 67 වෙනකල් කාලය දීර්ඝ කරලා දෙන්න කියලා. එහෙම මැරෙනකල් ඉන්න බෑ මේකෙ හැම පුටුවකම. ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලයේදී වැඩකරලා ගෞරවාන්විතව ගෙදර යන්න ඕනෙ”

චාමර සම්පත් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...