අපි දිගටම බලයේ ඉන්නවා කියලා අධිෂ්ඨානයකින් ඉන්නේ – ඇමති ලාල්කාන්ත

ජාතික ජන බලවේගය දිගටම බලයේ සිටීමේ අධිෂ්ඨානයක සිටින බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා අපි දිගටම බලයේ ඉන්නවා කියලා. දැන් අපි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා, ඇමතිවරුන්ට නිල නිවාස අහෝසි කළා, පාර්ලිමේන්තුවේ 125ට කාපු එක 2000 කළා. ඉස්සර රුපියල් 125ට දවසම කෙළිනවා. ඒකෙ නරකක් තියෙනවා ඉතින්, ඒක පේන්නෙ ඔය නිමල් සිරිපාල වගේ ඇමති කෙනෙක් දිහා බැලුවාම. අපි එනකොට පොහොර සහනාධාරයක් තිබ්බා හෙක්ටයාර් දෙකකට රුපියල් 30000 යි. දැන් අපි දෙනවා 60000ක්. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි ලු. වැඩියි තමයි. මේ ලෝක තත්වයන් එක්ක ඒවා වැඩිවෙනවා. අර තිස්දාහ හැටදාහ කරපු එක පේන්නෙ නෑ. පේන්නෙ මොකක්ද ? මේ යුද්ධය අස්සෙ පොහොර මිල වැඩි වෙච්ච එක”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසකට නව පත්වීම් ලබාදීම වෙනුවෙන් පෙරේදා (10) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...