මාළිමාවේ අර්බුදය හිතේ කොමිනිස්ට්වාදය තියාගෙන ඇඟෙන් ධනවාදී වීමට යාමද ?

කොමිනිස්ට්වාදයට අනුව ලාබය යනු සූරාකන ලද ශ්‍රමයයි. එය හොරකමකි. නමුත් ධනවාදය තුල ලාබය යනු එහි කේන්ද්‍රයයි. ධනවාදයේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය උත්පාදනය කරන්නේ ලාබය විසිනි. උක්ත දර්ශන දෙක අතර පවතින සමහන් කල නොහැකි විරුද්ධාභාෂය මෙයයි.

දැන් මාළිමාව බාර ගෙන ඇති අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය යනු තදබල ධනවාදී ව්‍යාපෘතියකි.
එය ක්‍රියාත්මක කිරීමට නම් එය පිළිගත යුතුය.
එය හැදෑරිය යුතුය. දැනගත යුතුය.

අයි.එම්.එෆ්. එක විසින් පවරන ලද ආර්ථිකයක වර්ධනය කරා යෑමට නම්, නිර්දේශිත සංචිත ගුණනය කිරීමට නම්, ලාබ ඉපැයිය යුතුය. බදු පවා පැනවිය හැක්කේ ලාබය මතය. ලාබය යනු සොරකමක් ලෙස අදහන චින්තනය ගුරු කොට ලාබ ඉපැයිය නොහැකිය.(කොමිනිස්ට් දෘෂ්ටිකෝණයෙන් බැලූ කල කොමිනිස්ට් රාජ්‍යයකට අයත් නොවන සියලු දැවැන්ත ආයොජන මහා අපරාධ ලෙස පෙනේ)

මම ඒකෙන් කියන්නෙ නෑ මේ ආන්ඩුව කොමිනිස්ට් ආන්ඩුවක් කියලා. මේවන විට මොවුන් කොමිනිස්ට් හැව ඇරලා ගොඩක් කල්. නමුත් ජීවිතයේ වැඩිකාලයක් කොමිනිස්ට් අයිඩියාලොජි එකක් ඇතුලේ ජීවත් උනු ඔවුන්ට ධනවාදයේ සෙන්සර් නෑ, ධනවාදය ගැන පෘථිල අවබෝධයක් නෑ. දැන් ඔවුන්ට තියෙන්නෙ ධනේශ්වර ක්‍රමයක් තුල ලැබෙන බලයේ ආතල් එක ගැනීමේ ආශාව පමණයි.

ඒ කෙසේ නමුත් සමස්ත ධනවාදය හොරකමක් ලෙස ගත් අතීත දෘෂ්ටිවාදයක සිට එම ධනවාදයේම ඒජන්තයෙක් ලෙස මග නොදැන මාළිමාව මේ යන අඳබාල බලදේශපාලන ගමනේ කෙලවර ඇත්තේ රටද ඔවුන්ද මහ අවුල් ජාලයකට වැටෙන තැනකය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...