*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

බුද්ධාගම දේශපාලන ආයුධයක් කරගන්න එපා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම රැක ගැනීම ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් ඒ සඳහා බුද්ධසාසන අමාත්‍යාංශය, බුද්ධ සාසන අරමුදල සහ තවත් සාසනික ප්‍රවර්ධන ක්‍රියාදාම රැසක් ක්‍රියාත්මක වූ අප රටේ මේ මොහොත වන විට විවිධ කරුණ කාරණා නිසා සම්බුද්ධ සාසනය යම් පසුබෑමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ගිහි පැවැදි සියලු දෙනාගේම වගකීම මේ උතුම් සාසනය සුරක්ෂා කිරීම බවත් ආගම දහමත රාජ්‍ය පාලනයත් එකට කවලම් නොවිය යුතු බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගැනීම තුළ ආගම දහමට ලැබිය යුතු ඉහළ ප්‍රශ්සත සැලකීම පලුදු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට කට වචනයට සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කිරීම බව යි.

රට පුරා ඇති විහාරස්ථානවල කැපකිරීම් රැසක් කරමින් අසීරු ගමනක් යන සම්බුද්ධ සාසනයේ මුර දේවතාවුන් ලෙස සලකන ගෞරවනීය මහා සංඝරත්නය සුරක්ෂා කිරීම ද සියලු දෙනාගේම වගකීම බවත් එය ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දෙනාම එක හා සමානව දායක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මය අනුව රාජ්‍ය පාලනය දියත් වූයේ නම් රටත් ජාතියත් ආගමත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත වන බවත් ඒ ඉලක්කය ජය ගැනීමට යාම සැමගේම වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට අසත්‍ය රජ වී සත්‍ය යටපත් වී ඇති බව යි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක ධූරය පසුගිය 10 වනදා පිරිනැමූ අතර එම උත්සවයට සහභාගිවෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan