පළාත් සභා මුලින් එයි, ඊට සූදානම් වන්න – බැසිල් පොහොට්ටුවට කියයි

පවතින තත්වය අනුව බොහෝවිට පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයට දැනුම් දී තිබේ.

පසුගිය 09 වනදා නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමටත් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමටත් නියමිතව ඇති හෙයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම සංචාරය තුළදී තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ.

එහෙයින් වහාම පළාත් සභා මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ හිටපු පළාත් සභා නියෝජිතයින්ට දැනුම් දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...