සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්නෙ ජනතාවගේ දුක අරගෙන ඒ සඳහා විසඳුම් දෙන්න – වෛද්‍ය හරිත අලුත්ගේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විවිධ රෝගීන් අවශ්‍ය  ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 1,000ක් පමණ තිබෙන නමුත් එයින් මිල නියාමනයක් වන්නේ ඖෂධ 60ක පමණක් බවත් , එබැවින්  ජනතාවට දැරීමට නොහැකි මට්ටමකට ඖෂධවල මිල පසුගිය කාලය පුරාවටම  ඉතා අධික ලෙස ඉහළ ගිය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ,

“ඖෂධ මාෆියාව විසින් අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබෙන ඖෂධ මිල ජනතාවට අඩු මිලකට ලබාදීම සඳහා කටයුතු කරන්න. සියයට හාරපන්සීයකින් මිල වැඩි වුණා නම් දැන් ඩොලර් එක අඩු වෙලා නම් එකේ වාසිය අනිවාර්යයයෙන් ජනතාවට එන්න ඕනේ. ඖෂධ නියාමන අධිකාරිය යටතේ තිබෙන ඖෂධ 60 විතරක් මිල අඩු කරලා තේරුමක් නෑ.”

“සෞඛ්‍ය ඇමතිතුමා කියලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය අසරණයි කියලා. මේ සඳහා යාන්ත්‍රණයක් නෑ ක්‍රියාත්මක කරන්න කියලා. මේවා පිළිගන්න පුළුවන් කතා නෙමේ. සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ. ජනතාවගේ දුක අරගෙන ඒ සඳහා විසඳුම් දෙන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...