*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ග්‍රාම නිලධාරීන් හරියට වැඩේ කළොත් තමයි අපේ වැඩේ හරියට කරන්න වෙන්නේ – මැතිවරණ කොමසාරිස්

කොළඹ LNW:ග්‍රාම නිලධාරී පුරප්පාඩු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ජා අකර විසඳුමකට පැමිණෙන ලෙසත් සුපුරුදු ලෙස ව්‍යවස්ථාපිත සේවාවක් ලෙස ජන්ද හිමි නාමලේඛන බාධාවකින් තොරව සකස් කරන ලෙස ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පවසයි.

ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් මාසයේ සහතික කිරීමට බලාපොරොත්තු වෙන අතර එය නිසි ලෙස කළ හැක්කේ ග්‍රාම නිලධාරීන්ගේ මේ කාර්යය නිවැරදිව සිදු වුණොත් බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

එය නිසි ලෙස සිදුකිරීමට නොහැකි වුවහොත් ඉදිරි මැතිවරණ වලට එය බලපාන බවයි ඔහු කියා සිටින්නේ.

”2023 ඡන්ද හිමි නාම ලේඛනය මේ දිනවල පිළියෙළ කරමින් පවතිනවා. ඒ සඳහා දිස්ත්‍රික්කවල සියලු ග්‍රාම සේවා වසම්වල ග්‍රාම නිලධාරීන් එම පෝරම පිරවීමේ කටයුතු කරනවා. ග්‍රාම සේවා නිලධාරීන්ගේ විශාල පුරප්පාඩු තිබුණත් ඔවුන් එම සේවාව කරගෙන යනවා.

යම් සුළු පිරිසක් සිදු කරන කාර්යයන් ගැන ජනතාව අතර ග්‍රාම නිලධාරි සේවය සම්බන්ධයෙන්ම ජනතාව අතර අපැහැදිලිතාවයක් හටගන්නවා. ජනතාවගේ තිබෙන ප්‍රසාදය හානිවන ආකාරයට කටයුතු නොකර මේ කටයුතු කරන්න ලෙස ඉල්ලා සිටිනවා. ජුනි මාසේ ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කරන කාලයෙත් අපි දුන්න ලියකියවිලි පැහැදිලිව සටහන් කළ අවසන් කරලා තිබෙනවා.

මේ සේවා වලට නොයන අතලොස්සක් ග්‍රාම නිලධාරීන් නිසා සමස්ත ග්‍රාම නිලධාරී සේවය ගැනම ජනතාව කළකිරෙනවා.
ග්‍රාම නිලධාරී සංගම්වලින් අපි ඉල්ලා සිටිනවා මේ පුරප්පාඩු සම්බන්ධව බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස. ග්‍රාම නිලධාරීන් කියන්නේ මැතිවරණ කටයුතු ආරම්භ කරන්නට ඉස්සෙල්ලා මුදල් වෙන් කරගන්න කියලා. නමුත් ඔය කවුරුත් නොදන්න කාරණේ තමයි අපි කරන්න ව්‍යවස්ථාපිත කාර්යයක්. සංගණන කාර්යයන් සිදු කරන කාලය තුළ ග්‍රාම නිලධාරීන් සේවා ස්ථානයෙන් නිදහස් කරලා තිබෙන්නේ ඒ හේතුව නිසයි ඔවුන්ට තිබෙන්නේ ව්‍යවස්ථාපිත කාර්යයක්.

ලංකාවේ ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් මාසයේ සහතික කරන්න බලාපොරොත්තු වෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ මේ කාර්යය හරියට සිදු වුණොත් තමයි අපිට එය කළ හැක්කේ. එය සිදුකර වීමට නොහැකි වුවහොත් එය බලපානවා ඉදිරි මැතිවරණ වලට. ඕනෑම අයෙකුට ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය මේ සුදුසුකම තිබෙනවා ඔවුන් පදිංචි නිත්‍ය පදිංචි ස්ථානය සඳහන් කරන්න ඕනේ.

ඔය උද්ඝෝෂණය කරන හැම කෙනෙක්ම දන්නවා අපිට මැතිවරණය තියන්න බැරි වුණේ මේ රටේ පැවැති මූල්‍ය ගැටලුවක් නිසා. අපිට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ඕනෑම අවස්ථාවක පළාත් පාලන ඇති වරණය තියන්න අපි ලෑස්තියි.
ඇප මුදල් තැන්පත් කළ පුද්ගලයින්ට නැවත ඇප මුදල් ලබාදෙනවා මැතිවරණයක් පැවැත් වුණේ නැත්නම් .
දැනටත් අපි මැතිවරණ කටයුතුවලට වියදම් කරලා තියන බිලියන 1.2 අපතේ යෑමක් සිදු වෙන්නේ නෑ මේ සියලු දේවල් මැතිවරණයට ප්‍රයෝජනයට ගතහැකි මුදල් අපතේ යෑමක් සිදු වුණා කියන එක වැරදියි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan