පළාත් සභාවෙන් ඔබ්බට යන විසඳුමකට එකඟයි. දෙමළ ජනතාව ගැන තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට දිය යුතුයි – අනුර TNA හමුවී කියයි

Date:

ජාතික සමගිය ඇතිකිරීම සඳහා පළාත් සභා ක්‍රමයෙන් ඔබ්බට යන විසඳුමක් අවශ්‍ය බවත් දෙමළ ජනතාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ වනවිටත් 2019 මැතිවරණ ප්‍රකාශනයේ අපි පළාත් සභා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වියයුතු බව අපි පිළිඅරගෙන තිබෙනවා. ඒ වගේම මෙතනින් එහාට යාම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැඟිය යුතුයි. විශෙෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කම් අවශ්‍ය වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දැනට ව්‍යවස්ථාව තුළින් නීති තුළින් ස්ථාපිත කරලා තිබෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි තහවුරු කළ යුතුව තිබෙනවා. සමහර ඒවා තිබෙනවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. නීතියෙන් ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ප්‍රායෝගිකව යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් අවශ්‍යයයි. අපි එකිනෙකා අතර තිබුණු අනවබෝධයන් අපි එකිනෙකා අතර තිබුණු පරස්පරතාවයන් ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපි හිතනවා අපි හොඳ සාකච්ඡාවක් සිදුකළා කියලා. අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් අපි හැමදෙනාටම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පළාත් සභාවලින් දැනට තිබෙන තත්වයට විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා එතනින් ඔබ්බට යන ක්‍රියාදාමයක් අපට අවශ්‍යයයි. ඒක ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික, ආර්ථික මේ ආදී ක්ෂේත්‍ර ගණනාවක යළි වෙනස්කමකින් තමයි ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දේශපාලනයේ අයිතීන් පිළිබඳව ශක්තිමත් සහතිකයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම එම ජනතාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ට අයිතියක් ලබාදිය යුතුව තිබෙනවා. මේ ආදී කරුණු පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...