ආදිවාසී ජනතාව විසින් පවත්වන වැදිරට පොසොන් කලාපය මෙවර විවෘත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේ.
මරදාන, සුදුවැල්ලේ පිහිටි කිත්සිරි රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී පසුගියදා (11) ඒ මහතාව හමුවුණු ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් මෙම ආරාධනය සිදුකරන ලදී.
දඹාන, බිංතැන්න ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන වැදිරට පොසොන් කලාපය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසී ජනතාව සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.
RN