ලංකා ඉතිහාසයේ දැවැන්තම බැඳුම්කර වෙන්දේසිය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (13) දිනයේදී රුපියල් මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙය මෙරට මූල්‍ය ඉතිහාසයේ එක් දිනක් තුළ පැවැත්වෙන විශාලතම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය බව පැවසේ.

මෙහිදී පරිණත කාණ්ඩ තුනක් යටතේ වෙන්දේසිය පැවැත්වේ.

ඒ, පහත සඳහන් ආකාරයට ය.

2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්

2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක්

2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක්

මීට දින 8 කට පෙර, එනම් ජුනි 05 වෙනිදා ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවැත්වූ අතර එහිදී නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 235,000 ක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...