බහරේනයේ ඇමෙරිකානු රේඩාර් මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13:
බහරේනයේ පිහිටි ඇමෙරිකානු රේඩාර් මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මීට සුලු මොහොතකට පෙර ඉරානය ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව (IRGC) ප්‍රකාශ කර තිබේ.

ඉරාන ආරක්ෂක හමුදාව සඳහන් කරන්නේ, ඉරානයේ දකුණු හෝර්මොස්ගන් පළාතේ පිහිටි විදුලි සංදේශ කුළුණකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

කෙසේ වෙතත්, රේඩාර් මධ්‍යස්ථානයට සිදු වූ හානිය හෝ ප්‍රහාරයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැති අතර බහරේනයේ ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වැනි බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති බැවින් මෙම සිදුවීම මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව යළිත් අවධානය යොමු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘යසිරු පුතා’ ළඟ තිබී අයිස් හා හෙරොයින් පැකට් 102ක් සොයා ගනී!

කොළඹ LNW:දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව...

කඩුගන්නාවේ නායයෑම් වලට හේතුව NBRO හෙළිකරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : කඩුගන්නාව ප්‍රදේශයේ මෑතකදී...

බහරේනයේ ඇමෙරිකානු රේඩාර් පද්ධතියකට ඉරානයෙන් ප්‍රහාරයක්!

කොළඹ LNW:ඉරානය බහරේනයේ ඇමෙරිකා රේඩාර් පද්ධතියකට ප්‍රහාර එල්ල කර...

මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාවක් අද ගාල්ල වරායට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : මත්ද්‍රව්‍ය අඩංගු යැයි...