*
Friday, October 25, 2024
spot_img

Latest Posts

සුපිරි 12 සුපිරි 8 වීම නොසළකා ඇටවෙන, 2026 ට එන මුදල් කන්දට ඉව ඇල්ලීමේ ව්‍යාපෘති

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 13, කොළඹ (LNW): මහා හාස්කමක් නොවුණොත් ශ්‍රී ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් අට අතරට නොයන බව සහතිකය.ශ්‍රී ලංකාව තරගාවලියට සූදානම්වීම පිණිස කාලයකට පෙර ඇමෙරිකාවට ගිය අතර එහිදී ගත කළ ප්‍රදේශයේදී මුණ ගැසෙන්නට තිබුණ නේපාල තරගය ද වැස්ස නිසා අහිමිව ගියේ ශ්‍රී ලංකාවට කාලගුණය පවා හරහට සිටිමින්ය.
සහභාගි වූ තරග දෙකේ පරාජය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන බොහෝ අය කම්පාවට පත්ව සිටිති.ඒ කම්පාවට ක්‍රිකට් දේශපාලනය විසින් ඇති කර තිබෙන බලපෑම වඩාත් විකෘති සහගත විවේචනවලින් පුරවා ඇත.ඇතැමෙක්ගේ ජාතික හැඟීම කෙතරම් ද යන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විකිපීඩියා ගිණුමට ලොන්තයෝ යන අනවර්ථ නාමයක් ද එකතු කර තිබෙනු දකින්නට ලැබිණ.ලංකාවේ දේශප්‍රේමයේ හැටි එබඳුය.තමන් කැමති විදිහට ලංකාව මිස හොඳම විදිහට ලංකාව තිබීම අපේක්ෂාව නොවේය.මෑත කාලයේ පොදු දේශපාලනයේ ස්වභාවය ද එසේ වූ අතර එ් මහා ව්‍යහුයේ කොටසක් හැටියට නියෝජනය වන ක්‍රිකට් සම්බන්ධ ප්‍රේමය ද ස්වකීය කැමත්ත,බලය වැනි කාරණා මත මිස දේශය යන කාරණාව මත සාකච්ඡාවට ගැනෙන්නේ නැත.


මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දක්වපු අදහස් ද වැදගත්ය.ඔහු පවසන දේ බොහෝ ඇත්ත කාරණාවලින් පොහොසත් නිසා පහත සබැඳියෙන් ඊට පිවිස එය අසන්නයැයි අපි යෝජනා කරන අතරේම ඉන් ඔබ්බට ගිය තත්ත්වයක් අපි ඉතිහාසයක් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වන්නෙමු.
https://bit.ly/3xdEcuw
මේ තරගාවලිය සඳහා නායකයා ලෙස වනිඳු හසරංග පත් කිරීම ගැන දැඬි විවේචනයක් එල්ල වෙමින් ඇත.ඒ ගැන වෙනම කතා කළ යුතුය.ඒත් වනිදු ගෙවුණු විස්සයි විස්ස ලෝක කුසලාන දෙකේම තරගාවලියේ වැඩිම කඩුලුලාභියාය.නායකයෙක් විදිහට වනිඳු දැඩි බලපෑමක් තේරීම්වල සිටම එල්ල කළ බවට නඟන චෝදනා එසේනම් වැරදිය.එවැනි නායකයන්ගේ හැසිරීම්වලින් ශ්‍රී ලංකාවට වූ හානිය මෙන්ම වාසිය ද අපි අත් වින්දෙමු.

96’ ලෝක කුසලාන ජයග්‍රහණය සහ 99’ ලෝක කුසලාන පරාජය සඳහා එකම නායකයෙක්ගේ බලය වෙනස් ආකාරයට බල පෑ හැටි අපි අත් විද ඇත්තෙමු.96 දී ඒ බලය අපිට එළියේ සිට දකින්නට උදාහරණ කිහිපයක් හමු විණි.හොඳම උදාහරණය මුරලිට එරෙහිව විනිසුරුවන් හා ගැටුණු ආකාරයය.එය අපි මහා වීර ක්‍රියාවක් ලෙස කරළියට ගෙනවිත් සමාජය මත තැබුවෙමු.එහෙත් ඒ හැසිරීමෙන් ක්‍රීඩකයෙක් හැටියට කළ විනය උල්ලංඝණය කිරීම නිසා තරග තහනමකට ලක් වීමට තිබුණු අවම ඉඩ පමණක් භාවිතාවට ගැනෙන්නට එවකට පරිපාලනයේ මැදිහත් වීම කිසිවෙක් අතින් අවධානයට ලක් නොවිණි.ඒ නිසා ඒ මොහොත ගැන කියන්නට ඇත්තේ මැදිහත්වීම මරුය.ඒත් ඒවායේ සීමාවන් ඉක්මවා ගිය බවක් ද තිබිණ.ඒ නිසා විය හැකිව තිබූ හානිය වැළක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයෙන් සිඳු වූ දේ ට මේ දක්වා වැදගත්කමක් මතු වූයේ නැත.
ඉනික්බිති 99 දී සිඳු වූ දේ ද අද ක්‍රිකට් ගැන කතා කරන බොහෝ අය දකින්නේ ඉලක්කම්වලින් විය හැකිය.ඒ වන විට ලංකාවේ ක්‍රිකට් නායකයා,ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකයා සහ පරිපාලනයට සම්බන්ධ උප සභාපතිවරයෙක් ලෙස එකම පවුලක සහෝදර කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යහුය ඇතුළේ දකින්නට ලැබිණ.96 ලෝක කුසලාන ජයග්‍රහණය ඒ පවුලට රාජපක්ෂ පවුලට යුද ජයග්‍රහණය රට ගැන ඕනිම තීරණයක් ගන්නට ලැබුණු බලපත්‍රයක් වූ ආකාරයටම ක්‍රිකට් ගැන ඕනිම දෙයක් කරන්නට ලැබුණු බලපත්‍රයක් විය.
දැන් තිබෙන්නේ ඒ බලපත්‍රයට ඇති ජනතා කැමත්ත විවිධාකාරයෙන් භාවිතයට ගන්නේ කෙසේ ද යන්න සමබන්ධයෙන් පරීක්ෂණ කාලයකි.සමහර විට ක්‍රිකට් ලෝලීන්ගේ හැඟීම්බර මැදිහත්වීම් ද,ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ බලය සහ ධනය වෙනුවෙන් මාර්ගයක් විවර කර ගන්නට කරන මැදිහත්වීම් ද ඇතුළේ මහා පරිමානයෙන් වෙනස්ම උවමනාවක් සිඳු වෙමින් පවතින්නේය.ඒ ඊ ළඟ ලෝක කුසලානය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ විමය.එවැනි මොහොතක ශ්‍රී ලංකාවට ලැබෙන්නට නියමිත දැවන්ත මූල්‍යමය වාසිය පරිපාලනය කිරීමේ උවමනාව මත මේ සියලු කණ්ඩායම් විවේචන,ක්‍රීඩක විවේචන රඳා පවතින අතර සැබවින්ම ක්‍රිකට් සම්බන්ධ ආදරය ඇති අයගේ හැඟීම් ද අපූරුවට ඒ වෙනුවෙන් නොදැනම සේවය කරමින් ඇත.


මෙවර ලෝක කුසලානයේ ඇත්තේ සුපරි 8 වටයක්ය.එහෙත් කණ්ඩායම් ප්‍රමාණය විස්සක්ය.ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගිවන අවස්ථාවය.අවසාන වරට ද පැවත් වුණේ කණ්ඩායම් 16 ක් සහභාගි වූ තරගයක්ය.එම කණ්ඩායම් 16 අතරේ අප පිළිවෙලින් 2016 වසරේ අවසාන කණ්ඩායම් 10 තෝරද්දී ඒ අතරට පැමිණ 8 වන තැනට පත් විය.2021 දී සුපිරි කණ්ඩායම් 12 ක් තෝරාගත් අතර ඉන් පළමු 8 අතරට පැමිණියේය.2022 දී ද එසේමය.කන්ඩායම් 16 කි.සුපිරි 12 ට පැමිණ 7 වන තැනට පැමිණ ඇත.
එහෙත් මෙවර කණ්ඩායම් විස්සක් අතරින් කණ්ඩායම් 8 ක් පමණක් සුපිරි අට වටයට ඒම නිසා ශ්‍රී ලංකාවට පාර වැසී ඇත.සුපිරි 12 වටයට පිවිසියේනම් මීට වඩා පහසුවෙන් එය නියෝජනය කරන්නට ඉඩ තිබිණි.මේ සංඛ්‍යාත්මක වෙනස්වීම කවුරුත් කතා කරන්නේ නැත.ඇත්තටම කවුරුත් කැමති ලෝක සූරතාවය දිනන්න වුව ද,ශ්‍රී ලංකාව පමණක් නොවන තවත් කණ්ඩායම් වලට සුපිරි 12 යන්න සුපිරි 8 වීමේ ප්‍රතිවිපාකය විඳින්නට සිඳුවනු ඇත.


මේ කාරණාවන් සාකච්ඡාවට නොගෙන දැන් එක පිට එල්ල කරන ප්‍රහාරවල ලාභ ලබන්නට සහ ඒවා වඩාත් පුළුල් විදිහිට ව්‍යාපත් කරන්නට සෑදුණු බලවේග ද ඇත.ඒ මීට ඉහත සඳහන් කළ 2021 ලෝක කුසලාන තරගාවලිය සමඟ එන මුල්‍යමය වාසිය සමඟ හරඹ කරන්නටය.ඒ සමඟ රට ඇතුළත වාසි සහගත කාරණා රාශියක් පාලනය කරන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධීක්ෂණය යටතේය.
ආසන්නම මතකය 2011 දී ශ්‍රී ලංකාවේ පැවති ලෝක කුසලානය ය.ඒ වන විටත් දේශපාලනය යොදා ගෙන පරිපාලනය අතුරු කමිටුවකට පැවරී තිබුණේය.ක්‍රිකට් පාලනයේ මුල් වගකීම් පැවරි තිබුණේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දෙනෛකුටය.අතරු කමිටු සභාපති වූයේ නායකත්වය ද දරා තිබුණු ඩී.එස් ද සිල්වා ය. ලෙක්ම් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිශාන්ත රණතුංග ය.ඔහුගේ සහෝදරයා ලෝක කුසලානය දිනා දුන් නායකයාය.තවත් සහෝදරයෙක් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකයාව සිටියේය.තවත් අයෙක් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයෙක්ව ද සිට ඇත.

එවැනි ක්‍රිකට් ක්‍රීඩකයින් පාලනය කළ පරිපාලනයක් ඇතුළේ තරගාවලිය නිමා විය.ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවා පැමිණියේය.ලෝක කුසලානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දත්ත ඇතුළත්ව තිබුණු පරිගනකයේ දත්ත ගබඩාව පවා අතරුදහන් විය.ටිකට් පත්වලින් වූ වංචා හෙළිදරව් විය.ගත් ක්‍රියාමාර්ග නොවිණි.ටිකට් පතේ සිට බොහෝ ව්‍යාපාර ආයතන සමඟ සේවා සපයා ගැනීම වෙනුවෙන් මැදිහත් වන්නට ලැබෙන ඉඩ වැදගත් වන්නේ ඒ සමඟ සංසරණය වන මුදල් කන්දරාව මතය.දැන් ඊට වියදම් කරන්නට පඩි ගෙවා ගන්නටවත් නොහැකි මට්ටමෙන් ආණ්ඩුවෙන් මුදල් ණයට ගන්න තත්ත්වයට වැටී ඇති ක්‍රිකට් පොහොසත්ව ඇත.ඒ නිසා මේ වන විට පිටියෙන් සමුගෙන රූපවාහිනි තිරවල ක්‍රිකට් ගසන අය මෙන්ම විවිධ කණ්ඩායම් ක්‍රිකට් පරිපාලනවට යෝජනා කරන සමාජ මාධ්‍ය ජාලාවල පිරිස් ද දැන හෝ නොදැන මහා සල්ලි කන්දක් හරඹ කරන්නට පිරිසකගේ උත්සාහයට පහසුකම් සපයන්නෝව සිටිති.


හැඟීම්බර වීම මත අඩුම තරමේ කණ්ඩායම් ප්‍රමාණය වැඩි වීම සුපිරි 12 යන්න සුපිරි 8 වී සිටීම යන කාරණාවන් ද අමතක කර ඒ අනුව මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවසාන වටයට ඒම සඳහා කරන සටනේ දී අහිමිවීමට ඇති ඉඩ පළල් වී තිබීම ගැන මෙන්ම තරගාවලියේ අවසාන වටයේ දී මේ අහිමිවීමට මුහුණ දෙන අනිත් කණ්ඩායම් කවරේද යන්නවත් නො’විමසා මේ ක්‍රියා කරන ආකාරය භයානකය.මේ බලපෑම හරහා සමහර විට අපට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අහිමි වූ ආකාරයටම 2026 විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ද අහිමි වන්නට ඉඩ ඇත.ඒ ගැන ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ හැඟීම්බර බව මේ වන විට භාවිතයට ගනිමින් සිටින බව ඔබ නොදන්නවා විය හැකිය.පරාජය ගැන දුකෙන් මෙන්ම ක්‍රිකට් ගැන ආදරයෙන් ඔබ දක්වන සහ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය පුළුල් කරන්නට දායක වන පළකිරීම් සියල්ල මත 2026 ලෝක කුසලානය සමඟ එන මුදල් කන්දට ආසාවෙන් සිටින අයගේ උවමනාවට ඔබ ගොඳුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් වන මැදිහත්වීම් බලපෑම් ආදිය නිසා සමහර විට තරගාවලිය අහිමි විණිනම් ඔබ නැවත වටයකින් පහර දෙන්නේ ද ඒ මොහොතේ ක්‍රිකට් පරිපාලකයාටමය.ඒ හැටිය.එහෙත් ඔබට වැඩිපුර සිතන්නේනම් ඒ මහා මුදල අපට නොලැබෙන්නේනම් රටට ද අවශ්‍යය නැත කියා සිතිය හැකි පිරිසක්ද මේ පොළව මත සිටින බව දැනෙනු ඇත.ක්‍රිකට් ගැන දැණුමක් මෙන්ම,අවබෝධයක් ද,තිබෙන බොහෝ දෙනෙක් පරාජය ඉදිරියේ හැඟීම්බර වෙමින් අවසාන ප්‍රතිපලය අතවන්නේ කුමන ව්‍යහුයක ද යන්නවත් නොසළකා කළකිරී කරන අදහස් 2026 ලෝක කුසලානය සම්බන්ධයෙන් වන මුදල් සංසරණයේ වගකීම කාටද යන්න තීරණය කිරීමටත්,සමහර විට එය මෙහි පැවත්වීමට ලැබේද නොලැබේද යන්න තීරණය කිරීමටත් හේතු විය හැකි බව සිතන්නේනම් වැදගත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan