ජනාධිපති මිලේගේ නව පනත් කෙටුම්පතට ආජන්ටිනාව පුරා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 13,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දක්ෂිනාංශික ජනාධිපති ජේවියර් මිලේ විසින් රටේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ගෙන එන ලද පනත් කෙටුම්පතට විරෝධය පල කරමින් අජන්ටිනාව පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඊයේ(12) දිනයේදී මෙම ප්‍රරතිසංස්කරණ සඳහා නීති සම්පාදකයින් සිය අනුමැතිය ලබා දීමට පෙර, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර කැරලි මර්දන පොලිසිය කොන්ග්‍රසයෙන් පිටත විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම පියවර මගින් ආජන්ටිනාවේ මිලියන ගණනකට හානියක් සිදුවනු ඇතැයි පවසන පෙලපාලිකරුවන්, දේශපාලන පක්ෂ, කම්කරු සංගම් සහ සමාජ සංවිධාන වැටවල් හරහා කොන්ග්‍රසය දෙසට යාමට උත්සාහ කළ විට ගැටුමක් ඇති වී තිබේ. ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 20දෙනෙකු ඇතුළුව විරෝධතාකරුවන් විශාල ප්‍රමානයක් තුවාල ලබා ඇති අතර 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවන් පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාරයක් එල්ල කර එක් මෝටර් රථයක් ගිනිබත් කර තිබු අතර ප්‍රතිසංස්කරණ පැකේජයට ආර්ථික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ කම්කරු අයිතීන් උල්ලංගනය, රජයේ රැකියා කප්පාදු කිරීම්, පොදු වැඩ කොන්ත්‍රාත්තු අත්හිටුවීම මෙන්ම ඉන්දන හා ප්‍රවාහන සහනාධාර ඉවත් කිරීම් ඇතුලත් වේ.

මේ වන විට අජන්ටිනාවේ වාර්ෂික උද්ධමනය 300%කට ආසන්නව ඇති අතර මෙම නව පනත් කෙටුම්පත අදින වසර 100ක් අතීතයට රට ගෙන යන බවයි විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...