ජනාධිපති අපේක්‍ෂකයකු ඉන්නවා, හෙළිකරන්න හදිසියක් නෑ – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

මැතිවරණ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා එක කතාවක් ද එහි ලේකම්වරයා තවත් කතාවක් ද කියන බවත්, මැතිවරණ කල් දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බව කී නාමල් රාජපක්‍ෂ මහතා, ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බව ද සඳහන් කළ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල් දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂය එක ආසනයකට වැටුණු බවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයකු සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත්, වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

නාමල් රාජපක්‍ෂ මහතා කොළඹදී විශේෂ රැස්වීමකට සහභාගිවීමෙන් පසුව මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...