වීසා නිසා සහය දිවීමේ සූරතාවලිය මඟ හැරුණු අරුණ, තනිව 400 දුවන්නට බහමාස් යයි.

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 13, කොළඹ (LNW):

ජූනි 16 දින බහමාස් හි පැවැත්වෙන, උතුරු ඇමෙරිකානු,මධ්‍යම ඇමෙරිකානු සහ කැරිබියානු මලලක්‍රීඩා සංගමය (nacac) මෙහෙයවන අන්තර් ජාතික මලලක්‍රීඩා තරඟයකට සහභාගිවීමට අරුණ දර්ශන ජූනි 12 දා රාත්‍රී දිවයිනෙන් පිටත් විණි.


මෙම තරගය පැවත්වෙන බහමාස් හී නාසු ධාවන පථය ඉකුත් දිනවල පැවති ලෝක සහය දිවීමේ තරගාවලිය පැවත් වූ ක්‍රීඩාංගණය වේ.
අරුණ දර්ශණ ද එම සහය දිවීමේ සූරතාවලියට ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම සමඟ සහභාගි වන්නට සූදානමින් උන්නේය.

එහෙත් බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා එම සහය දිවීමේ කණ්ඩායමට නිසි වේලාවට වීසා ලබා ගැනීමට නොහැකි විය.

ලෝක මලලක්‍රීඩා “B” කාණ්ඩයේ (Silver label) තරඟයක් වන මෙය දැනට ඔලිම්පික් සුදුසුකම් ආසන්නයේ සිටින අරුණට මෙම තරඟය ඉතා වැදගත් වේ.


ඔහු මෙහිදී වාර්තා කරන කාලයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනේ ලකුණු හිමි වෙයි. ඊට අමතරව පළමු ස්ථානයේ සිට 8 වන ස්ථානය දක්වා පිළිවෙලින් 100,80,70,60,55,50,45,40 ලෙස ද ලකුණු ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා මීටර් 400 ඉසව්වට ලොව පුරා ක්‍රීඩකයන් 48 දෙනෙක් ඇතුළත් කෙරෙන අතර මේ වන විට ශ්‍රීලංකාවේ කාලිංග කුමාරගේ 52 සහ අරුණ දර්ශන 53 වන ස්ථානයන්හි පසුවෙයි.
මෙම තරගයට අමතරව ශ්‍රී ලංකාවේ ද ජුනි 30 වන දා ද මෙම ක්‍රීඩකයින් දෙදෙනාට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තරග වැදීම සඳහා තවත් විශේෂ අවස්ථාවක් මලල ක්‍රීඩා සංගමය අමතරවද යොදා ඇත.


එම අවස්ථාව සඳහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයෙන් ඊ කාණ්ඩයේ ලකුණු සටහන ද අනුමත් කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ.


මෙම තරඟයේ කළමනාකරු සහ පුහුණුකරු වශයෙන් දමින්ද බණ්ඩාර මහතා අරුණ සමග සහභාගි වේ.


මේ සමඟ තරග කාල සටහන ද දක්වා ඇත. එහි සඳහන් වේලාවට පැය නවයක් සහ විනාඩි තිහකට පෙර මීටර් 400 ඉසව්ව ලංකාවේ වේලාවෙන් ආරම්භ වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...