මාධ්‍යවේදියෙකුගේ නිවසකට පහරදීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

යාපනය දිස්ත්‍රීක් මාධ්‍යවේදියෙකුගේ නිවසට අද අලුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් ඇතුලු වී සිදුකල ප්‍රහාරයක් හේතුවෙන් දේපල රැසකට හනි සිදුව තිබෙන බව පැවසේ.

අලුයම එකට පමණ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් අදාල මාධ්‍යවේදියාගේ නිවසට ඇතුලු වී නිවසේ තිබූ දේපල රැසකට හානි කොට ඇති අතර, නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ඇතුලු ගෙවත්තේ තිබූ දේපලවලටද හානි කොට පලා ගොස් තිබූ බව වාර්තා වේ.

අදාල පිරිස නිවසේ කිසිවෙකුටත් හානි සිදුකොට නොමැති අතර පහරදීම සිදුකල පුද්ගලයින් මෙතෙක් හඳුනාගැනීමටද නොහැකි වී තිබෙන බවත්, නාඳුනන පිරිස විසින් දේපල වලට හානි කිරීමෙන් පසුව යම් පෝස්ටරයක් දමා ගොස් ඇති අතර ඒහි සඳහන් කොට ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ හැඟීම් සාවද්‍ය ලෙස ප්‍රකශ නොකරනු ලෙස බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාල ප්‍රහාරය කිසියම් පෞද්ගලික හේතුවක් මත සිදු කල ප්‍රහාරයක් බවට සැක පල කරන අතරම මේ පිලිබඳව වැඩිදුර පරික්ෂණයක්ද සිදුකරන බවට අච්චුවේලි පොලීසිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...