*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

69 ලක්ෂයේ කෙනෙක් නම් 18 නුගේගොඩට එන්න – සර්ව ජන බලයෙන් 69 ලක්ෂය බලගන්වන මහා රැළියක්!

කොළඹ LNW:69 ලක්ෂයේ බලාපොරොත්තු යළි බල ගන්වන මහා ජන රැළියක් නුගේගොඩදී පැවැත්වීමට සර්ව ජන බලය කටයුතු යොදා තිබේ.

එළඹෙන 18 වැනිදා එය පැවැත්වීමට නියමිත බවයි අද (13) සර්ව ජන බලය විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

ඒ අනුව 69 ලක්ෂයෙන් කෙනෙක්නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට වාමවාදී ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් සර්වජන බල‍යේ විධායක සභික මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් කියා සිටියේය.

එමෙන්ම 2015 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ පාවාදෙමින් සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොණු කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය සැප්තැම්බර් මාසයේදී බොහෝ දුරට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙම දේශපාලන එකමුතුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan