බැඳුම්කර හිමියන් සමඟ අහිතකර එකඟතාවක් නැහැ – මුදල් රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ කිසිදු අහිතකර එකඟතාවයක් ඇතිකර ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තෙවැනි වාරිකය අනුමත වීමන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනේ අවසාන අදියරේ තිබෙන බවද සේමසිංහ මහතා කියා සිටියේය.

”මම කණගාටු වෙනවා මගේ මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා ඊයේ දිනයේ අනුමත වීමට නියමිතව තිබුණු විධායක මණ්ඩලයේ සාකච්ඡාවට පෙර ඇවිල්ලා කියනවා අනුමත වීම සිදුවෙයි, ඒක හොඳයි, ඒ අනුමත වීම සිදුවෙන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගන්නා අහිතකර එකඟතා මත කියලා. අපි කිසිම අහිතකර එකඟතාවයකට ගමන් කරලත් නැහැ. කිසිම අහිතකර එකඟතාවයට එකඟවෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඩලබා දෙන්නෙත් නැහැ කියන එක. අපේ ණය හිමියන් අපට එහෙම බලපෑමක් කරලත් නැහැ” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...