ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

Date:

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, උතුරු-මැද පළාත් සභාවේ වාහන කිහිපයක් ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මත ය.

උතුරු-මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එස්. කේ. ජයලත් විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

ප්‍රියන්ත ප්‍රනාන්දු අනුරාධපුර කලාපයට අයත් ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී වෘත්තීය කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදී ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” නම් සංවිධානයක කැඳවුම්කරු ලෙස හඳුන්වා ගනිමින් 2025.05.30 දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් මෙසේ වැඩ තහනමට ලක්කර ඇති බව එම ලිපියේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...