ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

Date:

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, උතුරු-මැද පළාත් සභාවේ වාහන කිහිපයක් ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මත ය.

උතුරු-මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එස්. කේ. ජයලත් විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇත.

ප්‍රියන්ත ප්‍රනාන්දු අනුරාධපුර කලාපයට අයත් ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී වෘත්තීය කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදී ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” නම් සංවිධානයක කැඳවුම්කරු ලෙස හඳුන්වා ගනිමින් 2025.05.30 දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් මෙසේ වැඩ තහනමට ලක්කර ඇති බව එම ලිපියේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...