ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම මෙහෙයුම ඔපරේෂන් රයිසින් ලයන් වශයෙන් නම්කර ඇති අතර ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ, ඉරානය විසින් ක්‍රියාත්මක කරන න්‍යෂ්ටික වැඩසටහන් හා විප්ලවවාදී ආරක්ෂක මූලස්ථානය සිය රටේ පැවැත්මට තර්ජනයක් වන හෙයින් ඊට එරෙහිව සිය ප්‍රතිචාරය දැක්වූ බවයි.

ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් ඉරාන විප්ලවවාදී ආරක්ෂක භට කණ්ඩායමේ ප්‍රධානී හොසේන් සලාමි ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර ඉරානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ඉරාන මාධ්‍ය තහවුරු කර ඇත.

මේ හේතුවෙන් ඊශ්‍රායලය මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පාසල්, පොදු රැස්වීම සියල්ල අවලංගු කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකාව මෙම කිසිදු ප්‍රහාරයකට සම්බන්ධ නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...