ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

Date:

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට විරෝධය පළකරමින් YOUTH FOR CHEnge විසින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වන ලෙසයි එහිදී අවධාරණය කෙරුණේ.

යුද්ධය හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ දැඩි ආහර අර්බුදයක් හටගෙන ඇති අතර ගාසා තීරයට අත්‍යවශ්‍ය සේවා සැපයීමද ඊශ්‍රායලය විසින් අවහිර කර තිබෙන පසුබිමක ඊශ්‍රායලයේ හැසිරීමට ජාත්‍යන්තරයෙන් ද එල්ල වී තිබෙන්නේ විශාල විරෝධයක්.

එහෙත් ඔවුන් පලස්තීනයට පහර දීම තවදුරටත් නවතා නොමැති අතර සාමය වෙනුවෙන් වූ සූදානමක් හෝ ඊශ්‍රායලය දෙසින් නොදැක්වීමම ලෝක ප්‍රජාවගේ විවේචනයට හේතු වී තිබේ.

ඒ අනුව මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා වැසියන් 55,000කට වැඩි පිරිසක් ඝාතනය වී තිබෙන බව පලස්තීන වාර්තා පෙන්වා දෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...