මේක රාජපක්ෂලාගේ ප්‍රෝඩාවේම දිගුවක් ! – විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

Date:

ඔළුගෙඩි මාරුවක් වුවද, මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කරන හෙළිදරව්ව අතිශයින් බරපතළ බව පැවසූ විපක්ෂ නායකවරයා අද ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ කාගේ බලපෑමට දැයි කිව යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සභාපතිවරයාව කැඳවා ඉන්දියාවේ අගමැති මෝඩි බලකරන බව කියා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේදී කරන ලද ප්‍රකාශය ඒ මොහොතේ පත්ව සිටි පීඩනය හේතුවෙන් තමන් කළේ යැයි ඔහු අද පවසන බව පැවසූ විපක්ෂ නායකවරයා මෙලෙස වගකීම් විරහිත ප්‍රකාශ කෝප් කමිටුව අභියස කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඒ නිසා සභාපතිවරයා පැවසූ සත්‍ය වෙනුවට ඔහුම නැවත අසත්‍යය ප්‍රකාශ කරමින් කරන නාඩගම තුලින් රටේ මහජන නියෝජිතයින්ගේත්, ජනතාවගේත් වරප්‍රසාද කඩවූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

සුපුරුදු පරිදි අදත් සිදුවෙමින් පවතින්නේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරමින් හොරා කෑම සහ ගසා කෑම බව විපක්ෂ නායකවරයා මේ අද පවතින්නේත් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ම දිගුවක් බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (12) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...