ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට කඩාවැදුණු අයට පොලිස් ඇප දීම ගැන සොයන්නැයි නියෝගයක්

Date:

කොළඹ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ටවර්ස් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් කඩාවැදී එහි රැඳී සිටි පුද්ගලයින් 23 දෙනෙකු පොලිස් ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් විමර්ශනයක් සිදුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 23 දෙනෙකු පොලිසිය විසින් පසුගිය 04 වනදා අළුයම අත් අඩංගුවට ගෙන තිබුණු අතර පසුව ඔවුන්ව පොලිස් ඇප මත මුදාහැර තිබිණි. එසේ ඔවුන්ව පොලිස් ඇප මත මුදාහැරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ කොළඹ මධ්‍යම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ.

සැකකරුවන් 23 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් එක් අයකුට රුපියල් ලක්ෂ 5 ශරීර ඇප දෙක බැගින් ලබාගෙන මුදාහැරීමට ද අධිකරණය නියෝග කරන ලදී.

මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් නඩුවක් ද පවතින අතර මීට සම්බන්ධ දේශපාලන ප්‍රබලයින් පිරිසක් ගැන ද මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...