*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පිරිසක් කඩාවැදීම සහ රාජුගේ කඩාවැදීමේ කතාව

කොළඹ, නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ටවර් නම් ගොඩනැගිල්ලට පෙරේදා (03) රාත්‍රියේ කඩාවැදුණු 50ක පමණ පිරිසක් එහි මහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී රැඳී සිට තිබිණි.

එම පිරිස පැය හයකට අධික කාලයක් එහි රැඳී සිට තිබුණු අතර ඔවුන් එම මහල් දෙකේ කාර්යාලවල දේපළවලට හානි සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි ද ලැබී ඇත.

ඒ අනුව පොලිසිය ඊයේ අළුයම එම පිරිසෙන් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් පොලිස් ඇප මත මුදාහැර තිබුණු බවත් සඳහන්.

කෙසේවෙතත් මෙම ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ල මීට පෙරත් ආන්දෝලනයට ලක්වූ ගොඩනැගිල්ලකි. ඒ, ඒෂියා කැපිටල් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පෙනී සිටින රාජු රාධා නමැති ඉන්දීය ජාතිකයකු එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින නිසා ය. ඔහු මෙම ගොඩනැගිල්ලේ නියම හිමිකරුවන්ට රහසින් හොර අත්සන් ගසා මෙම ගොඩනැගිල්ල අත්පත් කරගෙන ඇතැයි වාර්තා වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර අධිකරණයට ද කරුණු දක්වා තිබේ.

රාජු රාධා නමැති ඉන්දීය ජාතිකයා මෙම ගොඩනැගිල්ල අත්පත් කරගැනීම සඳහා විවිධ දේශපාලන හිතවත්කම් භාවිතා කර ඇති බවට වාර්තා වන අතර ඔහු මෙහි බලහත්කාරයෙන් රැඳී සිටීම සඳහා කලක් තිස්සේ රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකු වූ සජින් වාස් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර සහ පොලිස් මූල්‍ය අපරාධ අංශයේ හිටපු අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාර ඇතුළු පිරිසකට මෙම ගොඩනැගිල්ලේ විවිධ කාර්යාල පරිශ්‍ර පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට ආන්දෝලනයට ලක්ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇති අතර පෙරේදා දිනයේදී ප්‍රදේශවාසීන් පිරිසක් එහි කඩාවැදුණේ ඒ හේතුව මුල් කරගනිමින් බවත් පිරිසක් කියති. තවත් පිරිසක් පවසන්නේ මූල්‍යමය ආරාවුලක් මීට හේතුවී ඇති බවකි.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී උදිත ලොකුබණ්ඩාර ද එම ස්ථානයට පැමිණ තිබුණු අතර පහත ඡායාරූපය ඒ අවස්ථාවේ ගන්නා ලද්දකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan