දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/13

Date:

  1. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි, පා.ම. අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 මැයි 09 වන දින ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සැකකරුවන් 42 කුට එරෙහිව පැවරූ නඩු විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබේ: නඩුව විභාගයට ගැනීම ජූනි 19.
  2. ජූලි 01 වන දින සිට විදුලිය ගාස්තු අඩු කිරීම වත්මන් ගාස්තුවලින් 3% පමණ වනු ඇති බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
  3. ආණ්ඩුවේ අමාත්‍යධුර සහ රාජ්‍ය අමාත්‍යධුර ලබා ගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 06 දෙනෙකුට අදාළව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බව එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
  4. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා රජයට ලැබුණු විදේශ ආයෝජකයන්ගේ අධික පොලී අනුපාතවලින් යුතු ණය ඉකුත් සතිය තුළ ඇ.ඩො. මිලියන 76.1 කින් ඉහළ ගොස් තිබේ: ඒ 24% ක අතිශය විශාල වාර්ෂික පොලී අනුපාතයකට ය: ශ්‍රී ලංකා රුපියල එකදිගට අධිප්‍රමාණය වීම සහ දැවැන්ත පොලී අනුපාත හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාවට ලැබුණු (hot-money) ආයෝජන මේ වන විට ඇ.ඩො මිලියන 650 පමණ ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි: මෙවන් අනතුරුදායක ආයෝජන සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයන් සහ විශ්ලේෂකයන් විසින් දක්වන අනතුරු ඇඟවීම් ද ඉහළ යයි.
  5. 2023 අප්‍රේල්වල කර්මාන්ත නිශ්පාදන දර්ශකය (Index of Industrial Production), 2022 අප්‍රේල්වලට සාපේක්ෂව 8.2% කින් 80.1 දක්වා දැවැන්ත පහත වැටීමක් පෙන්නුම් කරයි: ඇඟලුම් නිශ්පාදන (-30.5%), වෙනත් ලෝහ නොවන ඛනිජ නිශ්පාදන (-27.8%) සහ රබර් සහ ප්ලාස්ටික් නිශ්පාදනවල (-40.0%) පහත වැටීම මීට හේතුව වී ඇති බව සඳහන්.
  6. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මානතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉකුත් සතියේ, පුරාවිද්‍යා කැණීම් සඳහා භූමියක් වෙන් කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට දොස් පැවරීමක් සිදුකොට ඇත.
  7. සඳු දින ජනාධිපතිවරයා විසින් කැඳවූ හමුවට සහභාගී නොවී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් තීරණය කර ඇති බවට වාර්තා පළවෙයි: මෙවන් හමුවීමක් කැඳවන්නේ නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ සාමාජිකයන් ද දැනුවත් කළ යුතු බවට එම පක්ෂය මත දරන බවට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  8. ඉකුත් 2021 ඔක්තෝබර් සිට, මධ්‍යම ඉන්දියන් සාගරයේ සමකයට දකුණින් දියේගෝ ගාර්සියා (Diego Garcia) දූවේ පිහිටි මිලිටරිකරණය වූ රැඳවුම් කඳවුරක සිටින ශ්‍රී ලාංකීය සරණාගතයන් පිළිබඳව පළවන වාර්තා සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි: මෙකී කණ්ඩායමට ඔවුන්ගේ ම කැමැත්ත පරිදි යළි දිවයිනට පැමිණීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙන බව ද පවසයි.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි එඟකතා 62 කින් ශ්‍රී ලංකා රජය සපුරා තිබෙන්නේ 25 ක් පමණක් බවට එල්ල වන චෝදනා බැහැර කරමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි සියලු එකඟතා සැප්තැම්බර් මසට පෙර ඉටුකිරීමට රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
  10. එළඹෙන ජූලි 01 වන දින සිට ලොතරැයි පතක මිල රු. 20 සිට රු. 40 දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාත්‍යංශය විසින් අනුමත කර ඇති බවට වාර්තා පළවෙයි: දැනට ලොතරැයි පතකින් ලොතරැයි නියෝජිතයන්ට රු. 3.50 ක මුදලක් ලැබෙන අතර, එසේ ලොතරැයි පතක මිල ඉහළ දමන්නේ නම්, ලොතරැයි නියෝජිතයන්ට ලැබෙන කොමිස් මුදල ද ඊට සමානුපාතිකව ඉහළ දැමිය යුතු බව ලොතරැයි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...