*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ෆේත්ගේ වාර්තාගත ජයග්‍රහණ මතින් මතුවන පාඕලා නම් විශ්මය

ෆේත් කිප්යෙගොන් මේ වන විට ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයට එක් වී ඇත්තේ මීටර් 1500 සහ මීටර් 5000 සඳහා වන ලෝක වාර්තා දෙකේම උරුමක්කාරිය හැටියටය.වසර 54 ට පසුව මේ ඉසව් දෙකේ ලෝක වාර්තාව එකම ක්‍රීඩිකාවකට හිමිවීමෙන්ම එය කෙතරම් දුෂ්කර වෑයමක්ද යන්න තේරුම් ගත හැකිය.
වසර 54 ට පෙර 1969 දී ඉතාලිය නියෝජනය කළ පාඕලා පිග්නි ඒ ආකාරයට මෙම ඉසව් ද්විත්වයෙන් ලෝක වාර්තා හිමි කර ගෙන ඇත.ඇය ලෝකයේ ෆේත්ටත් වඩා විශ්වකර්ම මැදි දුර දුවන්නියකය.ඇය ඉසව් පහක් වෙනුවෙන් ලෝක වාර්තා දැරුවාය.මීටර් 1500,මීටර් 5000,මීටර් 10000,මීටර් 3000 සහ සැතපුම යන ධාවන ඉසව් වෙනුවෙන් ඇය ලෝක වාර්තා තැබුවාය.එසේම පාඕලා ලෝක රට හරහා දිවීම දෙවරක්ම ජය ගත්තාය.


නමුත් ෆේත් ට මෙන් පාඕලාට ඔලිම්පික් සිහිනය සැහෙන පරිද්දෙන් නෙලා ගන්නට නොහැකි වූවාය.පාඕලාට ඇත්තේ එකහ ඔලිම්පික් පදක්කමක් පමණි.එය මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ඇයට හිමි විය.මීටර් 1500 වෙනුවෙන් ඇයට හිමි වූ එම පදක්කම ලෝකඩ එකකි.


නමුත් ෆේත් වාසනාවන්තය ඇයට ඔලිම්පික් එන් පදක්කම් දෙකකි.ඒ මීටර් 1500 වෙනුවෙන් 2016 දී සහ 2021 දී ය.එසේම ඇය එම ඉසව්වෙන්ම ලෝක මලල ක්‍රීඩා සූරතා රන් පදක්කම් දෙකක්ද දිනා ගෙන ඇත.එළැඹෙන ඔලිම්පික් උළෙලේ දී 2024 දී ඇය මීටර් 1500 ට මෙන්ම 5000 ට ඉසව්වන්ට ද රන් පදක්කම් දිනා ගැනීම සඳහා කුරුමාණම් අල්ලන්නීය.එහි මීටර් 1500 ලෝක වාර්තාව ජය යනු තවත් අපූර වාර්තතාවකි.එකම ඉසව්වක් සඳහා රන් පදක්කම් තුනක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනකදී දිනා ඇත්තේ තවමත් උසෙයින් බෝල්ට් පමණි.2024 දී ෆේත් ප්‍රංශයේ දී මිටර් 1500 ජය ගතහොත් ඇය බෝලට් හා සම වන්නිය.


පාඕලා මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ විනාඩි 12:12.4 කි.මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් පාඕලා වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ විනාඩි 15:53.6 කි.ඇය මීටර් 5000 වෙනුවෙන් ලෝක වාර්තාව දෙවරක්ම පිහිට වූ අතර ඇය මෙම ලෝක වාර්තාවට පෙර තැබූ ලෝක වාර්තාව වන්නේ විනාඩි 16:17.4 කි.පාඕලාගේ ලෝක වාර්තා සියල්ල විද්‍යුත් කාලඝණක නොමැතිව සළකා බලා ඇති හෙයින් එහිදී වාර්තාවන් අලුත් වී ඇත්තේ එක දශමස්ථානයකටය.
පාඕලා 1972 දී මීටර් 1500 ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනා ගන්නා මොහොතේ දී වාර්තා කළ කාලය විනාඩි 4:02.85 ක් විය.එහිදී එම ඉසව්ව ජය ගත්තේ රැසියාවේ ලුඩිමිලා බාර්ගිනා නව ලෝක වාර්තාවක් පිහිට වූ අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 4:01.38 ක් වූ අතර දෙවැන්නිය වූ ගන්හිල්ඩි හොෆ්මෙයිස්ටර් විනාඩි 04:02.83 ක් වාර්තා කළාය.පාඕලා මීටර් 1500 වෙනුවෙන් අවසාන තරගයේදී ඇය නමින් තිබූ ඉතාලි වාර්තාව අලුත් කළාය.එපමණක් නොව ඇය සහභාගි වූ මූලික තරගයේදී වාර්තා කළ 4:09.53 සහ අවසන් පූර්ව තරගයේදී වාර්තා කළ 4:07.83 නව ඉතාලි ජාතික වාර්තා වූයේ ඇයගේ හොඳම පෞද්ගලික කාලයන් ද වෙනස් කරමින්ය.


පාඕලා අවුරුදු 75 දී දිවියෙන් සමු ගත්තාය.1945 දෙසැම්බර් 30 ඉපිද 2021 වසරේ ජුනි 11 ඇය දිවියෙන් සමුගත්තාය.ෆේත්ගේ වාර්තා අතරින් මීටර් 1500 සඳහා තැබූ වාර්තාව විනාඩි 3:49.11 කි.මීටර් 5000 ඉසව්ව සඳහා ඇය තැබූ වාර්තාව මීටර් විනාඩි 14:05.20 කි.පළමු වාර්තාව මීටර් 1500 වෙනුවෙන් ඇය තබන්නේ 2023 ජූනි 02 වන දා ය.දෙවන වාර්තාවට ඇය පිවිසෙන්නේ 2023 ජූනි 9 ව න දා හරියටම සතියකට පසුවය.


පාඒලා අමුතුම ජාතියේ දුවන්නියකි.ඇය ඉතාලියේ ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට පිවිස ඇත්තේ 1965 දී විිසි හැවිරිදි වියට එළැඹෙන්නටත් මත්තෙන්ය.එතැන් සිට ඇය මීටර් 400 ඉසව්වේ සිට 800,1500,3000,5000 පමණක් නොව එම තරගාවලියට අදාළව රට හරහා දීවීම ද නියෝජනය කරමින් ජය ගත්තේය.අවුරුදු 29 වන්නටත් මත්තෙන් මලල ක්‍රීඩා ජීවිතයට සමුදෙන පාඕලා 1974 දී ලෝක රට හරහා දිවීමේ ජයග්‍රහණයෙන් පසුව ක්‍රිඩාවෙන් සමුගෙන ඇත.


ෆේත් මැදි දුර ධාවකයෙක් වන තිමොති තිටුම් සමඟ විවාහ වූ සේම පාඕලාගේ ජීවිතය බෙදාගත් සහකරු ද ඇයගේ ක්‍රීඩාවට තදින්ම බැදී සිටි බෘනෝ කැචී ය.ඔහු ඇයගේ පුහුණුකරු විය.ඉතිහාසයේ වඩාත්ම අවධානය දිනූ මැදි දුර සහ දුර අතර ධාවනයේ සමත්කම් පා ක්‍රිීඩිකාව වාර්තා පොත්වලට අනුව සහ කාලයට සාපේක්ෂව තවමත් පාඕලා ය.ඒ නිසාම ඇය 2019 දී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් මොනාකෝ හී දී සම්භාවනාවට පත් කළ විශිෂ්ඨ සැතපුම් දුවන්නියන් අතර පෙරමුණේම උන්නාය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan