*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නෑ  – අමාත්‍ය බන්දුල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ ,  මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බවයි.

මාධ්‍යවේදියකු විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ මෙම වසරේ ජනාධිපතිවරණයක්  පවත්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් වන අතර , ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රවාහන අමාත්‍යංශය ද තමා සතුව පවතින අතර එහි වැඩ කටයුතු, එනම් මාර්ග සකස් කිරීමට හෝ රජයට මුදල් නොමැති බවයි. අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. රට ස්ථාවර කිරීමෙන් අනතුරුව, මාර්ග, පාලම් සහ බෝක්කු පිළිසකර කිරීමට තරම්වත් මුදල් සොයාගැනීමෙන් පසුව මැතිවරණ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බවයි

අවසානයේ අමාත්‍යවරයා පවසා සිටියේ  නිසි කාලයට මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු සලස්වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan