තඹුත්තේගම වෛද්‍ය නිල නිවසක් තුළ වෛද්‍යවරයකුගේ මළ සිරුරක් – සිය දිවි හානි කර ගැනීමක් දැයි සැකයක්!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත කර ගැනීමෙන් සිය දිවි හානි කර ගත් බවට සැක කරන වෛද්‍යවරයකුගේ මළ සිරුරක් තඹුත්තේගම මූලික රෝහලේ වෛද්‍ය නිළ නිවසක් තුළ තිබී අද (13) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ සේවයේ නියතු කෝට්ටුපිටියගේ අමිල සඳකැලුම් දිසානායක නම් වයස අවුරුදු 35 ක් වන එක් දරු පියෙකි.මෙම වෛද්‍යවරයා මෙම නිළ නිවස තුළ තනිව ජීවත් වූ බවත්, නිළ නිවසේ නිදන කාමරයේ ඇඳ මත මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටියදී අද (13) සොයා ගෙන තිබිණි.ඔහු නාරම්මල, ප්‍රයිම් ලෑන්ඩ් හි අංක 52 නිවසේ ස්ථීර පදිංචිව සිට ඇති බවද පොලීසිය පවසයි. අදාළ නිළ නිවස රෝහලට යාබදව පිහිටා ඇත.

අදාළ වෛද්‍යවරයා පසුගිය සෙනසුරාද දින පෙරවරුවේ රෝහලේ රාජකාරී සිදු කර සවස තමාගේ පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයේද ප්‍රථිකාර කටයුතු සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. ඒ අනුව වෛද්‍යවරයා ඊයේ (12) හා අද (13) දෙදින සේවයට නොපැමිණීම හේතුවෙන් රෝහල් සේවකයකු වෛද්‍යවරයාගේ නිවසට පැමිණ සෝදිසි කිරිමේදි වෛද්‍යවරයා නිල නිවාසේ පිහිටි නිදන කාමරයේ මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර ඇත.

මියගිය මෙම වෛද්‍යවරයාගේ බිරිදද දන්ත වෛද්‍යවරියක් ලෙස කුරැණැගල රෝහලේ සේවය කරන අතර එම වෛද්‍යවරිය පස් හැවිරිදි සිය දරැවා සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටින බවට පොලීසිය පවසයි.මිය ගිය වෛද්‍යවරයා හා බිරිඳ අතර යම් පවුල් ආරවුලක්ද පවතින බවට තොරතුරුද ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මෙම වෛද්‍යවරයා ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමෙන් පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා දිනයේ මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.මළ සිරුරේ ඇස්, අත් හා පා ඇඟිලි තුඩු ඉතා කළු පැහැ ගැන්වී තිබූ අතර, වෛද්‍යවරයාගේ මළ සිරුර අසල ක්‍රියාවිරහිත කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය හා පෑනක්ද තිබිණි.ඔහුගේ මේසය මත ඖෂධ වර්ග කීපයක්ද තිබූ අතර, පොලීසිය ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කරනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා ඖෂධයක් එන්නත් කර ගත් බවට හෝඩුවාවක් ශරීරයේ පැල්ලමක් හෝ එන්නත් විදිනයක් එම ස්ථානයේ දක්නට නොලැබුන අතර, යම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානය කරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.අදාළ වෛද්‍යවරයා මිය ගොස් දින කීපයක් ගත වූවද එම මළ සිරුර නරක් වූ බවක් දක්නට නැත්තේ ශරීරය තුළ ඖෂධ අධිමාත්‍රාවක් පැවතීම හේතුවෙන් බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂාව සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා පැමිණි අතර, දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට පොලීසියට නියෝග කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...