*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මානසිංහගෙ මෑනුමෙන් දකුණු අප්‍රිකාව අසරණයි

නිවැරදි මානයක් සහිතව ලක්ෂිත මානසිංහ යොමු කළ දකුණත් පිට දග පන්දුව ඉදිරියේ අසරණ වූ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෝ ලකුණු 131 ට දැවී ගියහ.ලක්ෂිත ලකුණු 19 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමේ වමත් දගපන්දු යවන්නා,සෙනුරන් මුතුසාමී ලකුණු 122 ට කඩුලු 7 ක් දවා ගනිමින් එල්ල කළ අභියෝගය ඉදිරියේ සාර්ථක ප්‍රතිචාර දැක් වූ ලසිත් කෘෂ්පුල්ලේ (98) සහ රොමේෂ් මෙණ්ඩිස් (78) ශ්‍රී ලංකා ඉණිම ලකුණු 325 ක් දකවා ඉහළට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූහ.

පිළිතුරු ඉණිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට ඉණිම ආරම්භයේදී ම පීඩනයක් එල්ල කළ ඩිල්ෂාන් මධුශංක ඔවුන්ගේ ලකුණු පූවරුව 57 වෙද්දී කඩුලු හතරක්ම අහිමි කරන්නට පෙරමුණ ගත්තාය.ඉන් කඩුලු 3 මධුශංකට හිමි වූ අතර ඔහු ඒ සඳහා ලබා දුන්නේ ලකුණු 31ක් පමණි.

මධුශංක සහ ලක්ෂිත ඇති කළ පීඩනය හමුවේ දකුණු අප්‍රිකානු ඉණිම ලකුණු 131 ට සීමා වෙද්දී ඔවුන්ගේ පළමු කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මැතිවි බ්‍රීට්ෂ්කේ පමණක් නොදැවී ලකුණු 59 ක් ලබා නොදැවී සිටියේය.
ලකුණු විස්තරයට පහත සබැදිියෙන් පිවිසෙන්නට හැකිය.ඡායාරූපයේ සිටින්නේ ලක්ෂිත මානවසිංහය.

Click here to view more @espncricinfo :
https://www.espncricinfo.com/series/south-africa-a-in-sri-lanka-2023-1379628/sri-lanka-a-vs-south-africa-a-1st-unofficial-test-1379634/live-cricket-score

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan