රනිල් මේ කෙටි කාලය තුළ තිබුණාටත් වඩා ණය ප්‍රපාතයකට රට වට්ටලා – විජිත හේරත්ගෙන් චෝදනා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ණය අර්බුදය සමනය කිරීමට කියමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ලබාගෙන අවසානයේ කර ඇත්තේ රට තවත් ණය අර්බුදයකට හිර කිරීම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“2024 මාර්තු අග දක්වා රජයේ ණය වාර්තාවට අනුව ඩොලර් බිලියන 83ක්ව තිබිච්ච අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ණය අර්බුදය පියවන්න කියලා බලයට ආපු රනිල් වික්‍රමසිංහලා IMF එකෙත් උදව් අරගෙන අන්තිමට කරලා තියෙන්නෙ රට තවත් ණය අර්බුදයකට හිර කිරීම. දේශීය ණය වැඩිකිරීමේදී භාණ්ඩාගාර බැඳුම්කර ඩොලර් මිලියන 37182 ඉඳලා ඩොලර් මිලියන 41522 දක්වා වැඩිකරලා තියෙනවා. ඒ කියන්නෙ මේ මාස තුනට. එක ඩොලර් එකක්වත් ආපහු ගෙව්වෙ නෑ. ඒ පොලී ප්‍රමාණයත් ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩිවෙලා තියෙනවා. අපි හිටියාටත් වඩා මහා විශාල ණය අර්බුදයකට, ණය ප්‍රපාතයකට අපිව වට්ටලා තියෙනවා මේ කෙටි කාලය තුළ රනිල් රාජපක්ෂ”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...