ආණ්ඩුවේ ආර්ථික උපදේශක IMF.රටේ ආර්ථික ස්ථාවරයක් තිබුණට දේශපාලන ස්ථාවරයක් නැහැ!

Date:

කොළඹ LNW: ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට ආර්ථික උපදේශකවරුන්ගේ අවශ්‍යතාවක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොහොමත් ආණ්ඩුවේ ආර්ථික උපදේශක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රහුමාන් මහතා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට සමගි ජනබලවේගයට වැඩපිළිවෙළක් තිබෙන බවත් රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින බවත් රටේ ආර්ථිකය ගොඩගන්න විකල්ප වැඩසටහන් සමගි ජනබලවේගයට තිබෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව්වෙන් යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැති බවත් රහුමාන් මහතා කියාසිටියි.

මේ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් රජය ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුව මගින් ජනාධිපතිවරණ කටයුතු සඳහා මුදල් වැයකරන්නේ දැයි මැතිවරණ කොමිෂන් සභාව පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”ජනාධිපති මැතිවරණය තවත් වසරකින් කල් දමා ගැනීමට හැකියාවක් තිබෙනවා කියන මතය සමාජය තුළට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මේ දිනවල කටයුතු සිදුකරමින් සිටිනවා. ජනාධිපති මැතිවරණය තවත් වසරකින් කල් දැමුවාට කිසිදු පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නැති බවත් ජනාධිපතිවරයාගේ උපදේශකවරු සමාජය තුළ මතයක් නිර්මාණය කරන්න උත්සහ ගනිමින් සිටිනවා. ඒ මතයට සමාජයෙන් විරෝධතාවයක් පැමිණෙන බව දැනුන විගස ජනාධිපතිවරණය පැවැත්වෙන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති මැතිවරණය තවත් වසරකින් කල් දමා ගැනීම පිළිබඳව ඉදිරිපත් කරන මතය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැලසුම් සහගතව ඉදිරිපත් කරන කාරණයක් බව පැහැදිලිව පේනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජපක්ෂවරු සමඟ එකතුවී නිර්මාණය කර තිබෙන ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් තිබෙනවා. ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහත් දන්නවා. ආණ්ඩුවට ඊළඟ මැතිවරණය ජයගැනීමට තිබෙන ඉඩකඩ අවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ ඇමැතිවරු මාධ්‍යවල කතාකරන විලාසයෙන් පෙනෙන්න තිබෙනවා. ජනාධිපතිවරණය පරාජය වන බව දන්නා නිසා ඔවුන් ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩු සොයමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමට උත්සහ ගන්නවා. ඒ සඳහා ජනාධිපතිවරයා නොයෙකුත් දේවල් සිදුකරනවා.” යනුවෙන් රහුමාන් මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...