IMF වෙතින් මෙරට ණය තිරසරභාවය පිළිබඳ පැසසුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 14 , කොළඹ (LNW):

රජයේ මූලිකත්වයෙන් අත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සහ ශ්‍රී ලංකාව ණය තිරසරභාවය සඳහා මෙතෙක් ගනු ලැබූ සාර්ථක ක්‍රියාමාර්ග ගැන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසාව පළ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව පිළිබද IMF විධායක මණ්ඩල දෙවැනි සමාලෝචනය අවසන් වීම සම්බන්ධයෙන් අද(14) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ IMF ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බොයර් ඇතුළු කණ්ඩායම වොෂින්ටනයේ IMF මූලස්ථානයේ සිට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් බව සඳහන් වේ.

විදෙස් බැඳුම්කර ණය හිමියන් සමග පවතින එකඟතා නිසි ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය බව මෙහිදී බොයර් මහතා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව සංක්‍රාන්ති තත්වයක සිට ආර්ථික ස්ථායිකරණයක් වෙත යොමු වෙමින් සිටින මේ අවස්ථාවේ සියලු ක්‍රියාකාරකම් විධිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන් බවද සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් මෙහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...