සටහන – නිශ්මං රණසිංහ
ජුනි 14, කොළඹ (LNW): හෙටින් (15) ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරගයේදි එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා තරග විනිසුරු මඩුල්ල සහ තරග තීරකවරු ප්‍රකාශයට පත් කර ඇත.
එහිදී විස්සයි විස්ස තරග සඳහා පහත සඳහන් ආකාරයට විනිසුරුවන් සහ තීරකවරිය නම් කරන්නට පියවර ගෙන ඇත.
මිෂෙල් පෙරේරා මහත්මිය – ICC තරඟ තීරක
ලෝරන් ඒජන්බෑග් මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කමිටුව
දේදුනු ද සිල්වා මෙනවිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
නිමාලි පෙරේරා මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
රවීන්ද්‍ර විමලසිරි මහතා -අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
ප්‍රගීත් රඹුක්වැල්ල මහතා -අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
එක්දින තරගාවලිය සඳහා ICC තරඟ තීරකවරිය ලෙස වැනේසා ද සිල්වා මෙනවිය නම් කර ඇති අතර එම තරග විනිශ්චය කටයුතු සඳහා නම් කර ඇති විනිසුරු මඩුල්ල පහත දැක්වේ.
ලොරේන් ඇජෙන්බැග් මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර මණ්ඩලය
දේදුනු ද සිල්වා මෙනවිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
රුචිර පල්ලියගුරුගේ මහතා – ICC ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
ලේඩ්න් හැනිබල් මහතා – ICC ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල