එයාර් ඉන්දියා යානයට අත් වූ ඛේදනීය ඉරණමට හේතුව කුමක් වීද?

සටහන – පුලී
ජූනි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඉකුත් බ්‍රහස්පතින්දා දහවල් අහමදාබාද් සහ ලන්ඩන් ගැට්වික් අතර ගුවන් ගමනට සූදානම් වූ AI171 ගුවන් යානයට හරියටම සිදුවූයේ කුමක්ද? යන්න සවිස්තරාත්මක පරීක්ෂණයකින් පමණක් අනාවරණය වනු ඇත, ගුවන් ගත වී සුළු මොහොතකට පසු එක එල්ලේම සිදු වූ මෙම අනතුර කාගේත් ඇස් උඩයන සිදුවීමක් විය.

සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථයේ සිට කිලෝමීටර් 1.5 ක් (සැතපුම් 0.9) ක් දුරින් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු හදිසියේ අත් වූ ඉරණමට හේතුව තහවුරු කිරීමට බලධාරීන් මේ වනවිට උත්සාහ කරන බැවින්, ඉදිරි දිනවලදී ඉන්දියානු විමර්ශකයින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විශේෂඥයින් සමඟ එක්ව කටයුතු කරනු ඇත.

2011 දී සේවයට ඇතුළු වූ පසු 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් මාරාන්තික අනතුරකට ලක් වූ පළමු අවස්ථාව ද මෙය වේ.

ඉකුත් බ්‍රහස්පතින්දා සිදු වූ මාරාන්තික ව්‍යසනයෙන් යානයේ සිටි පුද්ගලයින් 241 දෙනෙකු සහ බිම සිටි තවත් බොහෝ දෙනෙකු මිය ගියේ ලෝකයම කම්පා කරමිනි.

ගුවන් යානය පියාසර කිරීමට මොහොතකට පෙර අහමදාබාද් නගර මධ්‍යයේ පිහිටි නේවාසික ගොඩනැගිලිවල ගැටීමට හේතු විය හැකි සාධක මොනවාදැයි සොයා බැලීම සඳහා මේ වනවිට ඔවුන් කටයුතු කරමින් සිටී.

එදින 787-8 ඩ්‍රීම්ලයිනර් යානය පියාසර කළේ කපිතාන් සුමීත් සබර්වාල් සහ ඔහුගේ සහය නියමු ක්ලයිව් කුන්දර් විසිනි. දෙදෙනාම ගුවන් ගමන් සඳහා ඉතා පළපුරුදු අය වූ අතර, සබර්වාල් මහතා ගුවන් නියමුවෙකු ලෙස වසර 22 කට වැඩි පළපුරුද්දක් ලද අයෙකි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ අහමදාබාද් සිට පිටත් වන විට යානය ඉන්ධන ටොන් 100 ක් ද රැගෙන ගිය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...