කැනඩාව සහ ඉන්දියාව ත්‍රස්තවාදී බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට සුදානම් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජාත්‍යන්තර අපරාධ සහ අන්තවාදයේ ඉහළ යන තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා කැනඩාව සහ ඉන්දියාව බුද්ධි තොරතුරු බෙදා ගැනීමට සැලසුම් කර ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ.

පසුගිය වසරේ සික් නයකයකු වන හර්දීප් සිං නිජ්ජාර් කැනේඩියානු භුමියේ වෙඩි තබා ඝාතනය කිරීමට ඉන්දීය රජයේ ඉහළම මට්ටම් විසින් මෙහෙයවන ලද බව කැනඩාවේ ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන ඇති බවට හිටපු කැනේඩියානු අග්‍රාමත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ඉන්දියාවට චෝදනා කිරීමත් සමඟ කැනඩාව හා ඉන්දියාව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කටුක රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක සිරවීය.

ඉන්දියාව විසින් කැනඩාවේ වීසා නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වූ අතර වැඩබලන මහ කොමසාරිස් ඇතුළු ඉහළ පෙළේ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු නෙරපා හැරීමට නියෝග කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව මහ කොමසාරිස් සංජේ වර්මා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු නෙරපා හරින ලදී.

මෙවැනි දිගු රාජ්‍ය තාන්ත්‍රික ආරවුලකින් පසු මාර්ක් කාර්නි නවදිල්ලිය සමඟ ඔටාවාගේ සම්බන්ධතාවයේ වෙනසක් අපේක්ෂා කරමින් මෙම මස 15 – 17ය දිනයන්හි ඇල්බර්ටා හි කනනාස්කිස් හිදී පැවැත්වීමට නියමිත ප්‍රධාන ලෝක නායකයන් සම්බන්ධ වන G7 ජාත්‍යන්තර සමුළුව වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මොදිට ආරාධනා කර ඇති අතර මෙම සමුළුවේදී දෙරටේ පොලිසිය අන්තර්ජාතික අපරාධ, ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?