හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

Date:

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ව්‍යාපාරික ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව 2025 ජුලි 03 වනදා මෙම වෙන්දේසිය සිදුකෙරෙන බවට කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළකර ඇත.

මෙසේ මෙම ආයතන සතු දේපළ වෙන්දේසි කිරීමට තීන්දු කර ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු රුපියල් මිලියන 104 කට අධික මුදලක් (104,229,342) අයකර ගැනීම සඳහා ය.

2022 නොවැම්බර් 10 වනදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ව්‍යාපාරික ආයතන මෙසේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...