විදේශ ඇමති 19 වැනි IISS Shangri-La සංවාදයට සහභාගී වෙයි!

Date:

සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 10-11 යන දිනවල පැවති 19 වැනි IISS Shangri-La සංවාදයට සහභාගී විය. IISS-Shangri-La සංවාදය ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුව ලෙස සැලකේ. අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කටාර් හි එමීර්වරයා වන ෂෙයික් ටමීම් ඉබ්න් හමාඩ් අල් තානි උතුමාණන් අතර මෑතක දී පවත්වන ලද දූරකතන සංවාදයේ පසු විපරමක් වශයෙන්, අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම සංවාදයට සමගාමීව කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය ඛලීඩ් බින් මොහම්මද්  අල් අට්ටියා මැතිතුමා හමුවිය.  මෙම හමුවේ දී ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය පිළිබඳව අවධානය යොමු කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, කටාර් රජයේ සහයෝගය මෙරටට විවිධ අයුරින් ලබා දෙන ල‍ෙස ඉල්ලා සිටියේ ය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමාට සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමාට දෝහා නුවර සංචාරයක් සිදු කිරීම සඳහා කඩිනම් අවස්ථාවක්  සලසන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව කටාර් හි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේ ය.

ICRC හි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් සිපොල්ලා මහත්මිය ද හමුවූ අමාත්‍ය පීරිස් මැතිතුමා, ICRC සංවිධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක  කරන වැඩකටයුතු පිළිබඳව මෙන්ම, එළඹෙන මාසවලදී මානුෂීය ආධාර සැපයීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සහ ICRC සංවිධානයට ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡා කළේ ය. IISS හි අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක ආචාර්ය ජෝන් චිප්මන් මහතා, පැමිණ සිටි අමාත්‍යවරුන් සඳහා අමාත්‍ය මට්ටමේ සංග්‍රහයක් පිළිගැන්වී ය. සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා සමඟ අන්තර්ක්‍රියාවක් පැවැත්වීමට මෙන්ම, ඉහළ මට්ටමේ ජාලකරණ අවස්ථා සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවිය. එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ. ඔස්ටින් III මහතා සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් පිරිසට ඇතුළත් විය.

එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය, බහු ධ්‍රැවීය කලාපයක භූ දේශපාලන තරඟය කළමනාකරණය කිරීම සහ නවමු ආකාරයේ ආරක්ෂක සහයෝගීතාවන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සමුළුව පූර්ණ සැසිවාර සහිතව ජූනි 11 වැනි දින ආරම්භ කෙරිණි. සමාරම්භක සැසියට සමගාමීව ලෝක ආර්ථික සංසදයේ (ඩාවෝස්) සභාපති බෝර්ජ් බ්‍රෙන්ඩේ මහතා හමුවූ විදේශ අමාත්‍යවරයා, ප්‍රධාන වශයෙන් පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්ති සුරක්ෂිතතාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගය ඉල්ලා සිටියේ ය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහභාගී වී ඇත.

සිංගප්පූරුවේ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නන්ග් එන්ග් හෙන් මැතිතුමා පැවැත්වූ අමාත්‍ය මට්ටමේ වට මේස රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිය සංචාරය නිම කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 13 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...