එහෙම ආණ්ඩුවක අපට ඉන්න ඕනෙ නෑ – සනත් නිශාන්ත වලිය එළියට ගෙනෙයි !

Date:

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු අයගේ කටේ සැර මේ වනවිට වැඩිවී ඇති බවත් ඒ සැර වැඩිකලක් නොපවතිනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“මේ පාරෙ යන කුඩුකාරයින්ටයි රස්තියාදුකාරයින්ටයි බයේ අපි නම් හැංගිලා හිටියෙත් නෑ, හැංගිලා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ නිසා ඔය රංගේ බණ්ඩාරලා බලපුවාම … අපේ ඡන්දෙන් අතිගරු ජනාධිපතිතුමා පත්වුණාට පස්සේ එයාලාගෙ කටේ සැර වැඩිවෙලා තියෙනවා. ඔය සැර එච්චර කල් තියෙන්නෙ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ දිස්ත්‍රික් නායකයින් – ඒ ජනවරම ගන්න මහන්සි වෙච්ච මැති ඇමතිවරුන් ඉන්නේ ඒ හදපු ආණ්ඩුවේ අගුපිළිකන්නේ නම්, එහෙම ආණ්ඩුවක් තුළ තවදුරටත් අපට ඉන්න වුවමනාවක් නැහැයි කියන එක පැහැදිලිවම කියන්න ඕනෙ”

සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට පාරේ බැස යාමට හෝ අවස්ථාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා හෙයින් ඔවුන් ඒ සම්බන්ධයෙන් බොහෝසෙයින් කෘතඥ විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය වෙත සිදුකර තිබුණු ප්‍රකාශයක් ගැන අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර යම් ගැටුම්කාරී තත්වයක් ඇතිවෙමින් පවතින්නේය යන්න මේ වනවිට රහසක් නොවේ. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ එළිපිටම කියන්නේ එහි පැතිකඩකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...