ලියලා තියාගන්න, මීළඟ මාස 6 ඇතුළත මහමැතිවරණයකට යන්නම වෙනවා – මරික්කාර්

Date:

මීළඟ මාස හය ඇතුළත අනිවාර්යයෙන්ම මහමැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“ගොඩාක් අය ගොඩක් හීන දකිනවා, එහෙම ඒවා සැබෑ වෙන්නෙ නෑ නෙ. මේ රටේ ජනාධිපතිලා හිටියානෙ, මැරෙනකල් තමන් ජනාධිපති වෙලා ඉන්නවා කියලා හිතපු කට්ටිය. එහෙම වුණාද ? එහෙම වෙන්නෙ නෑ …. මම ඔබතුමන්ලාට අද කියන්නම්. ඔය කියන හදිසි ජනාධිපතිවරණයක් එන්නෙ නැත. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න ඉදිරි මාස හය ඇතුළත මහමැතිවරණයකට යන්නම වෙනවා. රාජපක්ෂ පවුල බලන්නේ – ඊළඟ ඡන්දය දිනන්න බෑ, ඒ නිසා පවුලේ ලොකු පුතා නාමල් කුමාරයාව කොහොමද විපක්ෂ නායක කරන්නේ කියලා. ඒකෙ පළවෙනි පියවර තමයි ඊයෙ තිබ්බෙ, ජනාධිපතිතුමාගෙ සාකච්ඡාවට ජ්‍යේෂ්ඨයො යන්නෙ නැතුව පළවෙනි සිග්නල් එක දුන්නෙ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...